
(තිලකරත්න දිසානායක)
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට කඩිනමින් සිදු වන බව එම ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
කොළඹ පිටත වටරවුම් මාර්ගයෙන් අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුව ආසන්නයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ කිරීමේදී මීටර් 23 ක් උසැති කුලුනු මතින් ඉදිවන අතර කඩවත සිට මීරිගම දක්වා වන කිලෝමීටර් 37 කින් යුත් කොටසෙහි කිලෝ මීටර් 15 ක පමණ දුරක් කුලුනු මතින් ඉදි කෙරෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින්ද රත්නායක මහතා පැවසීය.
කඩවත - මීරිගම කොටස අතර අන්තර් හුවමාරු ස්ථාන තුනකින් සමන්විත වන අතර එය ගම්පහ, වේයන්ගොඩ සහ මීරිගම දකුණ වශයෙන් ඉදි කෙරේ.
ඉදිරි වසර දෙකක කාලය තුල කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කොට ඇති බව සදහන් කළ ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින්ද රත්නායක මහතා , මේ සදහා චීනයේ එක්සිම් බැංකුවෙහි සහන ණයක් යටතේ ලබාගත් රුපියල් බිලියන 158 ක මුදලක් වැය කෙරෙන බවද කීය.
මෙම ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියෙහි අධීක්‍ෂණය මත මෙට්රෝ ලොජිකල් කෝපරේෂන් චයිනා සමාගම මගින් සිදු කරනු ලබයි.
කඩවත - මීරිගම කොටසෙහි ඉදිකිරීම් කටයුතු අවසන්වූ පසුව ජනතාවට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මත්තල සිට කුරුණෑගල දක්වා සෘජුව ගමන් ගැනීමට හැකි වනු ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ කෘෂිකර්මය, අනෙකුත් දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් සියල්ල කඩා වැටී සාමාන්‍ය ජනතාව අසීරුවෙන් දිවි ගෙවද්දී අපි තව තවත් අධිවේගී මාර්ග හදමු. ජනතාව කුසගින්නෙන් මියැදුණත් ලෝකයාට අපේ සංවර්ධනය පෙන්වමු...!!!
ගම්පහ දකුණ අධිවේගී හුවමාරුව අහෝසි කලේ ඇයි? ඒ නිසා මෙය විවෘත කලපසු ගම්පහ උතුර හුවමාරුවට ආසන්නව ඇති යක්කල පාර , කොළඹ පාර සහ සෙසු ආසන්න ලොකු කුඩා මාර්ග වාහන තදබදය නිසා ඇහිරේවි. එම ආසන්නයේ ප්‍රධාන පාසල් කිහිපයක්ම ඇති නිසා දැනටමත් පාසල් වේලාවන්හී මාර්ග ඇහිරෙනවා...
ඉක්මණින් වැඩ නිමකරන එක ගොඩක් හොඳයි. මීරිගම වහන තදබදය එතෙක් පවතිනු ඇති. වේයන්ගොඩ අන්තර් හුවමරුව වැටෙන ස්ථානය සඳහන් කරන්න.
මාර්ගය හැකිතාක් සම මට්ටමේ පවතින ලෙස හදන්න. මීරිගම - කුරුණෑගල කොටස කිසිම ලෙවල් එකක් නෑ. මේ නිසා ඉන්ධන වියදම වැඩියි. වේගසීමාව පාලනයට බෑ. බලධාරින් දකිත්වා..!.
හම්බන්තොට සිමෙන්ති බැර කර්මාන්ත ශාලාව ගොඩනගන්න වියදම් වෙලා තියෙන්නේ ඇ.ඩො. මිලියන 100යි. මේ පාරට බිලියන 159යි. ඔබ කල්පනා කර බලන්න මෙවැනි කර්මාන්ත ශාලා කීයක් හදන්න පුළුවන්ද මේ මුදලින්...? මේ තරම් ඩොලර් හිඟයක් තියන වෙලාවේ මේ මුදල විවිධ වූ කර්මාන්ත සඳහා ආයෝජනයට යෙදුවා නම් කොපමන අගේද..? මේ හා සමාන කර්මාන්ත 159ක් හදන්න තිබ්බා.