IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාතලේ මහ නගර සභාවේ අය වැය සම්මතයි

(මහේෂ් කිර්තිරත්න සහ රවීන්ද්‍ර විරාජ් ) 


මාතලේ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට බලය හිමි එකම පළාත් පාලන අයාතනය වන මාතලේ මහ නගර සභාවේ 2019 වසර සදහා වු අය වැය ලේඛනය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන්ගේ සහය ඇතිව වැඩි ඡන්දයෙන්  අද (18) සභා සම්මත විය.


නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා විසින් 2019 වසර සදහා වන අය වැය යෝජනාව ඉදිරිපත් කරමින් සමස්ත ආදායම රුපියල් මිලියන 432ක් වන අතර පුනරාවර්ථන වියදමින් රුපියල් 372ක් සහ ප්‍රාග්ධන වියදම රුපියල් 213ක් ණය වාරික ආපසු ගෙවිම රුපියල් 12ක්වන අතර ආදායම වියදම අතර වෙනස රුපියල් මිලියන 167ක් වන අතර මෙම මුදල් ස්ථාවර තැන්පතුවලින් ආවරණය කිරිමට පියවර ගන්නා  බව සඳහන් කළේය.


අය වැයට ඡන්ද 13ක් ලැබුණු අතර එයට  පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රිවරුන් ඇතුලු  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන්  ද අය වැයට පක්ෂව ඡන්දය ලබා දුන්නාය.


මෙහිදි ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන  නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ්  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි යුසුෆ් නිලාෆ් ,ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් වන ජයරත්න ලියනගොඩ , අමිල නිරෝෂන් යන් මහත්වරුන්   අය වැය ලේඛනයට විරුද්ධව ඡන්දය ලබා දුන්හ.


මෙහිදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන විපක්ෂ නායක පාලිත ජයසේකර,සරත් ජාතුංග,දිනේෂ් විරසිංහ යන මහත්වරුන් ඡන්දය දිමෙන් වැලකි සිටියේය.


මෙහිදි අය වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා සදහන් කළේ තමන්ට නියෝජ්‍ය නගරාධිපති ධුරය ලැබුවත් එයට හිමි දේවල් සහ සහයන් මේ වන තෙක් නොලැබුණු හෙයින් අය වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවය.
.



අදහස් (0)

මාතලේ මහ නගර සභාවේ අය වැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site