( ඩබ්. ඒ .පියතිලක)
හිගුරක්ගොඩ මැදිරිගිරිය සහ පොළොන්නරුව ප‍්‍රදේශවලට කුඩු ප‍්‍රවාහනය කර අලෙවි කළ මැදිරිගිරිය කොළඹ රාත්‍රී ලංගම බස් රථ රියදුරු කුඩු පැකට් 15ක් සමඟ දිවුලන්කඩවල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් පුද්ගලයා පොළොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලයේ දියසේන්පුර ඩිපෝවට අනියුක්තව මැදිරිගිරිය කොළඹ රාති‍්‍ර බස් රථයේ සේවය කළ බුද්ධයාය ප‍්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු බව පොලිසිය කියයි.
මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපති වෙත ලද තොරතුරකට අනුව සැක කටයුතු පුද්ගලයා ලුහුබැද තිබේ.
ඒ අනුව ඊයේ (18 ) මධ්‍යම රාති‍්‍ර 12 ට පමණ බස්රථ රියදුරා දිවුලන්කඩවල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී කුඩු පැකට් 15ක් සොයා ගත් බවත් එහි බර ග‍්‍රෑම් 2 මිලි ග‍්‍රෑම් 800ක් බව පොලිසිය කියයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජී. ධමිමික විරසේකර මහතාගේ නියෝග මැදිරිගිරිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල මහතාගේ මෙහෙයවිමෙන් උප පොලිස් පරික්ෂක තේමිය සහ නිමල් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා හිඟුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මැදිරිගිරිය පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්කුඩු අලෙවි කළ ලංගම රියදුරා අත්අඩංගුවට