( ඩබ්. ඒ .පියතිලක)
හිගුරක්ගොඩ මැදිරිගිරිය සහ පොළොන්නරුව ප‍්‍රදේශවලට කුඩු ප‍්‍රවාහනය කර අලෙවි කළ මැදිරිගිරිය කොළඹ රාත්‍රී ලංගම බස් රථ රියදුරු කුඩු පැකට් 15ක් සමඟ දිවුලන්කඩවල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් පුද්ගලයා පොළොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලයේ දියසේන්පුර ඩිපෝවට අනියුක්තව මැදිරිගිරිය කොළඹ රාති‍්‍ර බස් රථයේ සේවය කළ බුද්ධයාය ප‍්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු බව පොලිසිය කියයි.
මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපති වෙත ලද තොරතුරකට අනුව සැක කටයුතු පුද්ගලයා ලුහුබැද තිබේ.
ඒ අනුව ඊයේ (18 ) මධ්‍යම රාති‍්‍ර 12 ට පමණ බස්රථ රියදුරා දිවුලන්කඩවල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී කුඩු පැකට් 15ක් සොයා ගත් බවත් එහි බර ග‍්‍රෑම් 2 මිලි ග‍්‍රෑම් 800ක් බව පොලිසිය කියයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජී. ධමිමික විරසේකර මහතාගේ නියෝග මැදිරිගිරිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල මහතාගේ මෙහෙයවිමෙන් උප පොලිස් පරික්ෂක තේමිය සහ නිමල් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා හිඟුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මැදිරිගිරිය පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd