(තුසිත කුමාරද සිල්වා)
බේරුවල නගර සභාවට ඉදිරිපත් වූ කිසිදු පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සියයට 50 ප්‍රතිශතයක් ලබා නොගැනීම නිසා නව සභාපතිවරයකු පත් කරගැනීම සඳහා අද පැවැති ඡන්දයේදී නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ එම්.ඒ. මොහොමඩ් මබාසීම් මහතා තේරී පත් වූ අතර උප සභාපති ලෙස සමගි ජන බලවේගයේ බී. විමලසිරි මහතා තේරී පත්විය.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් බේරුවල නගර සභාවේ සභාපති උප සභාපති තේරීම බේරුවල නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී බේරුවල නගර සභාවට ස්වාධීන අංක එකේ කණ්ඩායම සභික ආසන 7ක්ද, සමගි ජන බලවේගයේ සභික ආසන 6ක් හා ජාතික ජන බලවේගය සභික ආසන 3ක් ලෙස සභිකයන් 16තේරී පත්ව ඇත.
බේරුවල නගර සභාවේ පළමු රැස්වීම ජුනි 19 වනදා පැවැත්වීමට තිබුණද එය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකින් අවලංගු කෙරිණි.
සභාපතිවරයා තේරීම රහසිගතව ද විවෘතවද සභාවේ කාර්ය පටිපාටිය අනුව කරගෙන යාම පිළිබඳව ගරු අධිකරණයේ අවසන් තීරණය ලැබෙන තෙක් පෙරවරු 10.00 තෙක් සභාවට බලා සිටීමටත් සිදුවිය .
පසුව අධිකරණ තීරණය ලැබුණේ කොමසාරිස්වරිය පෙර කටයුතු කළ ආකාරයටම කටයුතු කරන ලෙසයි.
සභාවේ වැඩි දෙනාගේ කැමැත්ත පරිදි සභාපති සහ උප සභාපති තේරීම සඳහා විවෘත ඡන්දයක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරිය තීරණය කළාය.
එහිදී සභාපති ලෙස ස්වාධීන කණ්ඩායම් 1 මොහොමඩ් ෆලීල් මොහොමඩ් අසාම් මහතාත් ජාතික ජනබලවේගය පක්ෂයෙන් මොහොමඩ් අසාර් මොහොමඩ් මබාසිම් මහතාත් තරග වැදුණු අතර පැවැති විවෘත ඡන්යේදී මාලිමා අපෙක්ෂකයාට ඡන්ද 9ක්ද ස්වාධීන කණ්ඩායමෙන් තරග කළ මොහොමඩ් ෆලීල් මොහොමඩ් අසාම් මහතා 7 ක්ද ලබා ගත්තේය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
බේරුවල නගර සභා බලය ජාජබ සහ සජබ සමගිවී අල්ලයි
රුවන් Monday, 14 July 2025 01:55 PM
දැන් සජියා මේ අයගේ පක්ෂ සමාජිකත්වය අයින් කරයි. ඊට පස්සේ මේ අය ස්වාධීන වෙනවා. ඊට පස්සේ සජබේ තියෙන බල්ලෙක් ඉවරයි.