IMG-LOGO

බලශක්ති අමාත්‍යංශයට සැප වාහන විකුනන්න සැරසෙයි

(යොහාන් භාසුර)

බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී වාහන 14 ක් විකිණීමට ටෙන්ඩර් කැඳවන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි.

එම වාහන අතර ටොයෝටා සහ කියා ජීප්, බීඑම්ඩබ්ලිව් සහ නිසාන් කාර් ඇතුළු වර්ග කීපයක වාහන ඇතුළත් වේ.

අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිවීම වළක්වන රජයේ ප්‍රතිපත්තියට අනුකූලව බලශක්ති අමාත්‍යංශයට අයත් එම සුඛෝපභෝගී වාහන විකිණීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ උපදෙස් දී ඇති බවත් එම වාහන අතරට විවිධ වර්ගවල සහ මාදිලිවල සුඛෝපභෝගී වාහන රැසක් ඇතුළත් බවත් එම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ලංසු ඉදිරිපත් කරන සෑම වාහනයක් සඳහා වෙන වෙනම අයදුම්පත් යොමු කළ යුතු අතර ආපසු නොගෙවන රුපියල් 5000 ක මුදලක් ගෙවා අංක 437, ගාලු පාර, කොළඹ - 03 ලිපිනයේ පිහිටි බලශක්ති අමාත්‍යංශයෙන් අදාල අයදුම්පත් ලබා ගත හැකි බවත් එලෙස අයදුම්පත් ලබාගත් අයට ඉහත ලිපිනයේ සහ අංක 80, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ - 07 ලිපිනයේදී එම වාහන පරීක්ෂා කළ හැකි බවත් එම අමාත්‍යංශය සඳහන් කරයි.

මිල ගණන් දක්වා සම්පූර්ණ කරන ලද අයදුම්පත් ආපසු ගෙවන රුපියල් 50,000 ක ආරක්ෂක මුදල් තැන්පතුවක් සහිත රිසිට්පත ද සමග මේ මස 16 දින පෙරවරු 10.00 ට පෙර අමාත්‍යංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහාලිය යුතු බවත් වැඩි විස්තර 0112574740 හෝ 0112574941 දුරකථනවලට ඇමතීමෙන් හෝ http://energymin.gov.lk/ වෙබ් අඩවිය හරහා ගතහැකි බවත් බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි.

 



අදහස් (1)

බලශක්ති අමාත්‍යංශයට සැප වාහන විකුනන්න සැරසෙයි

Prabath Monday, 07 July 2025 03:08 PM

නියම හොද්ද වගේ ඕකට අර මහින්ද මහත්තයගේ ගෙදර වැලිවේෂන් කරපු නිලධාරියා දාන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 558 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 989 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site