
ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේය.
එම චෝදනා සම්බන්ධයෙන්, ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයකදී, නඩු විභාගය පැවැත්විණි. ජූරි සභිකයින් නඩු විමසුම අරඹන විටම 54 හැවිරිදි හන්ටර් බයිඩන් තමන්ට එරෙහිව ඇති චෝදනා නවයටම වැරදිකරු බව පිළිගත් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව, ව්‍යාපාරිකයකු සහ නීතීඥවරයකු ද වන හන්ටර් බයිඩන්ට වසර 17ක සිර දඩුවමක් සහ ඩොලර් මිලියන ගණනක දඩයක් නියමවීමේ හැකියාවක් පවතී. දඬුවම් නියම කිරීම දෙසැම්බර් 16 වැනි දින සිදුකිරීමට නියමිත බව පැවැසිණි.
ජූරි සභිකයන් නඩු විමසුම අරඹන විටම හන්ටර් බයිඩන් ඔහුට එරෙහිව එල්ල වුණු චෝදනා නවයටම වැරදිකරු බව පිළිගත් නිසා, දඬුවම් නියම කිරීමේ දී ඒ් ගැන විශේෂ සැලකිල්ලක් යොමු වනු ඇතැයි ද පැවැසෙයි.
මීට පෙර ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිද්දී, ඒ බව සඟවා, ගිනි අවියක් මිලදී ගැනීමේ සිද්ධියකට ද හන්ටර් බයිඩන් වරදකරු විය. ඇමෙරිකා ජනාධිපතිවරයකුගේ දරුවකු මේ අයුරින් අධිකරණයක් හමුවේ වරදකරු වුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයියෝ, බයිඩන්, අපේ ජනාධිපතිලගේ පුත්තු ඔය වගේ වැඩද කරේ..? ඒත් මයිලකටවත් අත තියන්න දුන්නේ නෑ.. ලංකාවෙන් ඉගෙන ගනිල්ලා...
අපේ ජනාධිපති පුත්තු නම් කට අරින හැම විටකම කියන්නේ...."අපි අපෙ අප්පච්චී වගේම රටේ සම්පත් වලින් සත පහක්වත් හොරෙන් අරගෙන පිටරට බැංකුවල තැන්පත් කරලා නෑ" අපට පිටරට පොදි ගහපු වත්කම් නෑ !!! එහෙම නම් කොහොමද අප්පච්චි රටෙ ලොකුම ධනවතා වුයේ, දරුවන් පවා මිලියන් පතියන් වුණේ ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ ආනුභාවයෙන්ද කියා දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි...!!!
ලංකාවේ එහෙම වෙන්නේ නැහැ...
අපේ ජනපති පුත්තු හරියට හිරේ ගියා නම්, අවුරුදු 1000ක් වත් ඇතුළට දාන්න වෙයි...
කොපිකළ හැකිය. සමකළ නොහැකිය.