IMG-LOGO

2025 ජුනි මස 05 වන බ්‍රහස්පතින්දා


පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පෞද්ගලික දත්ත  ආරක්ෂණ (සංශෝධන)  පනත් කෙටුම්පත  දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී අද (3)    ඡන්ද  විමසීමකින් තොරව  සම්මත විය.

මෙම පනත් කෙටුම්පතට සංශෝධන එකතු කිරීම සහ තුන්වැනි වර කියවීම පසුව   කෙරෙන බව  නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

පෞද්ගලික දත්ත  ආරක්ෂණ (සංශෝධන)  පනත් කෙටුම්පතේ සදහන්    අධිකාරිය මාස හයක් ඇතුළත සූදානම් කරන බවත් විවිධ ආයතන අනවශ්‍ය ආකාරයට පුද්ගලයන්ගේ  දත්ත එක් රැස් කිරීම මෙමගින්  වැළකෙන බවත්  ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේය

ජනතාව දෙන දත්ත පාවිච්චි කර යම් ආයතනයක් වරදක් කළොත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හැකියාව ලැබෙන බවත්  යම් අගතියක් සිදුවී ඇත්නම්   මින් ඉදිරියට අධිකාරියට පැමිණිලි කිරීමෙන් ජනතාවට සහනයක් ලබාගත හැකි වන බවත් ඔහු සඳහන් කළේය.

එම සහනය ගැන සෑහීමට පත්  නොවන්නේ නම් අධිකරණයට ගොස් වන්ඳි ලබා ගැනීමටද මෙමගින් ප්‍රතිපාදන සැලසෙන බව  නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.



 

 

 



අදහස් (0)

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 16 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 263 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 417 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site