(අංජුල මහික වීරරත්න)
පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි (Radoslaw Sikorski) මහතා අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඉදිරියේදී ගෝලීය වශයෙන් රටට මුහුණ දීමට සිදු වන ආර්ථික අභියෝග ජය ගැනීමට යුරෝපා සංගමයේ සහාය අවශ්‍ය බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.
ඇමරිකාව විසින් පනවා ඇති නව තීරුබදු ක්‍රමය හමුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සීමාවන් තුළ කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වන අභියෝගවලදී යුරෝපා සංගමය සමඟ පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට ලබාදී ඇති GSP+ සහනය අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යුරෝපා සංගමය දක්වන ධනාත්මක ප්‍රතිචාරය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අගය කර සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා සඳහන් කළේ, සිය සංචාරය මගින් යුරෝපා සංගමයට මෙන්ම පෝලන්තයටද ශ්‍රී ලංකාව කෙරෙහි පවතින සුවිශේෂී අවධානය පිළඹිබු වන බවයි.
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ (Carmen Moreno) මහත්මිය ඇතුළු නියෝජිත පිරිසද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
පෝලන්ත විදේශ ඇමති ජනපති හමුවෙයි