IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


පොලිසියට පහරදුන් පිරිස පාලනයට අහසට වෙඩි තබයි

(සුමිත් පොතුපිටිය  සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බේරුවල ධීවර වරාය ආසන්නයේ දී පොලිසිය සහ බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පසු පොලිසියට පහර දුන් බව කියන පිරිස පාලනය කිරීමට අහසට වෙඩිතබා ඇති බව ප්‍රදේශවාසිහු පවසති.

පොලිසියට පහර දුන් බව කියන සිද්ධියට සම්බන්ධ සිව් දෙනකුද පොලිස් භාරයට ගෙන තිබේ.

බේරුවල වරාය ආසන්නයේ පිරිසක් ලොරි රථයක නැගී බෞද්ධ කොඩි එල්ලමින් සිට ඇති අතර, මාර්ගය අවහිර නොකරන ලෙසට පොලිසිය උපදෙස් දී ඇත.

එහිදී දෙපාර්ශවය අතර කතාබහක් සිදුව ඇති අතර එය දුරදිග යාමෙන් පසු පොලිසියට පහරදී ඇති බවද සදහන් වේ.

එහිදී පිරිස පාලනය කිරීමට පොලිසිය උණ්ඩ දෙකක් අහසට වෙඩි තබා ඇති බව ප්‍රදේශවාසීයෙක් පැවසීය.

පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

 



අදහස් (0)

පොලිසියට පහරදුන් පිරිස පාලනයට අහසට වෙඩි තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 736 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 510 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site