IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


පුංචි සභා පිහිටුවීම අවුලක

(සුජිත් හේවාජුලිගේ)

බොහොමයක් සභිකයන්ගේ ලයිස්තු තවමත් ලැබී නැති හෙයින් පළාත් පාලන ආයතන ලබන ජුනි මස 2 වැනිදාට පිහිටුවීම විශාල අභියෝගයක්වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් බොහොමයක් සිය සභිකයන්ගේ නාම ලේඛන තවමත් ඉදිරිපත් කර නැති හෙයින් මෙම ගැටලුකාරි තත්වය පැන නැගී ඇත.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොම්ෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දැනට ලැබී ඇති සභිකයන්ගේ  නාමලේඛන ගැසට් කිරීමට කටයුතු කරන බවයි.

ලැබෙන ලැබෙන පරිදි නාම ලේඛන ගැසට් කරන බවද ඔහු සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත අනුව සියලුම පළාත් පාලන ආයතන ලබන  ජුනි මස දෙවැනිදාට පෙර  පිහිටවිය යුතුව ඇත.

සභිකයන්  නම් කිරීමේදී ඇතැම් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල හටගෙන ඇති  විවිධ අර්බුද හේතුවෙන් සභික නාම ලේඛන ඉදිරිපත් කිරීම මෙසේ ප්‍රමාද වී ඇති බව වාර්තාවේ.



අදහස් (1)

පුංචි සභා පිහිටුවීම අවුලක

Kamal Koyrala Saturday, 24 May 2025 04:11 PM

බාලගිරි දෝෂය හැදුණු කොමසාරිස් කාර්යාලයක්...නිසි ක්‍රමවේදයක් නෑ... මැතිවරණ පවත්වන්නට දින නියම කළාට සභා පිහිටුවන්න දින නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 69 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site