(නයනජීව බන්ඩාර)
බුත්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුධය ඉහළයාමක් සමග සමාගමේ පාලන අධිකාරිය විසින් ඔවුන් නිෂ්පාදනය කරන දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්,පාඩු පිට ගැනුම්කරුවකුට අලෙවි කර ඇති බව සමාගමේ සේවකයෝ පවසති.
එසේ අලෙවිකර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසුහතරක පමණ පාඩුවක්පිට බව, සමාගමේ සේවකයෝ පවසති.
මෙම ගණුදෙනුව හේතුවෙන් සමාගමට සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ 420ක පමණ වන බව පැවසේ.
සමාගම තම සීනි තොගවලින් කොටසක් මෙසේ පාඩුපිට අලෙවි කර ඇත්තේ, 2025 මැයි මස සේවක වැටුප් ගෙවීමට අවශ්‍ය හිඟ මුදල් සොයා ගැනිමට හා උක් ගොවියන්ගේ උක් සදහා අවශ්‍ය ගෙවීමි කටයුතු සිදුකිරිමට බව පැවසේ.
පැල්වත්ත සීනි සමාගමේ මෙි වනවිට අලෙවිකරගත නොහැකිව ගබඩාකර ඇති සීනි සීනි මෙට්‍රික්ටොන් ප්‍රමාණය 17000කට ආසන්නය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
පැල්වත්තත් ලොකු අර්බුදයක:පඩි දෙන්න සීනි අඩුමිලට විකුණයි
පොඩි එකා Thursday, 29 May 2025 08:49 PM
රට හදන්න, බඩු අඩුවෙන් දෙන්න ආපු අය රට පජාත කරලාම දාලයි යන්නේ... මේක ඩයස්පෝරා කුමන්ත්‍රණයක් හැඩයි. රටේ ආර්ථිකය වනසා රට වැනසීම වගෙයි මේ අයගේ අරමුණ වගෙයි පේන්නේ...
පොඩිඑකාFriday, 30 May 2025 08:07 AM
මගේ නමින් වෙනකෙකු මේ කමෙන්ටුව දමා ඇත...
Lal Thursday, 29 May 2025 09:13 PM
පැලවත්ත නිසා ඕකම තමා වෙන්නේ රටටත් ළඟදීම
Perakum Thursday, 29 May 2025 09:19 PM
අපේ රටේ හදන සීනි මොකටද පිට රටින් කොමිස් එක්ක සීනි ගෙනැත් ජනතාවට කන්න දෙමු.
Asela Thursday, 29 May 2025 09:34 PM
"පැලවත්ත" කියලා තිබුණු නිසා මාතෘකාව වැරදියට කියෙව්වාම මට තේරුණා. ශ්‍රී ලංකාවේ එක පක්ෂයකට ලොව පුරා බිලියන 10 ඉක්මවන (වාර්තා කර ඇති) අරමුදලක් තියෙනවා. නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන අරමුදල් ඇතුළුව පාලන තන්ත්‍ර අරමුදල් ඒවට යනවා. කිසිම විගණනයක් නැහැ. දෙමළ ඩයස්පෝරාවෙන් දැවැන්ත අරමුදල් ලැබුණා කියලා සමහරු කියනවා. ඒක කේඩර් නඩත්තු කරන්න තියෙන මහා අරමුදලක්.
මාලිමාගැත්තා Thursday, 29 May 2025 11:45 PM
මෙව්වා වහලා දාන්න ඕනෑ. නැත්නම් ආයෝජන සඳහා පෝලිමේ ඉන්න අයට අවස්ථාව නැති වෙනවා. තේ කම්හලුත් වැහීගෙන යනවග තව පුවතක දැක්කා. ජය වේවා...!
ranjith Friday, 30 May 2025 06:32 AM
ඔයා අඩු ගානට දුන් ටොන් 500 එම ගැනුම් කාරයා වැඩි ගාණට විකුණයි. හිතා මතා ආයතන බංකොලොත් කරන තීරණද මන්ද?
Bunny Preena Friday, 30 May 2025 09:46 AM
පදුම කතාවක්නේ? විකිණීමට නොහැකිව තිබෙන සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 17,000 ආසන්නයලු. ලංකාවේ නිෂ්පාදනය වන්නේ රටේ පරිභෝජන අවශ්‍යතාවයෙන් 10% ක් පමණයි. එහෙමනම් මට හිතෙන හැටියට සීනි වල තත්ත්වය බාලයි . බාල තත්ත්වයේ සීනි එපමණ විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වන තුරු තත්ත්ව පාලකයින් නිදාගෙනද ඉඳලා තියෙන්නේ? එහෙමත් නැත්තන් මෙතැන වෙනයම් මොනවහරි මගඩියක් සිදුවෙනවා පාලනඅධිකාරියේ අනූ දැනුම ඇතිව. සාංගික දෙපළ ලෙස ආරක්ෂා කල යුතු මහජන මුදල් නිකරුනේ නාස්ති වීමට ඉඩ දිය නොහැකිය. පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවන්ට නිසි දඬුවම් ලබා දිය යුතුයි. පාඩුවට අය කර ගත යුතුයි.
himalFriday, 30 May 2025 10:38 AM
සාමාන්‍යයෙන් සීනි කර්මාන්තය ලාභ උපයන්නේ අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් අලෙවියෙන්. සීනිම විකුණලා ලාභ ලබන්න අමාරුයි. මෙයාලගේ නිෂ්පාදන පිරිවැය වැඩි නම් ඒ මිලට සීනි ගැණුම්කරුවො ගන්නෙ නැත්නම් මොකද කරන්නේ?
අරවින්ද මොණරවිල Friday, 30 May 2025 09:53 AM
මාස හයකින් රට හදන්න පුළුවන් විදිහට නොවෙයි පොඩි එකෝ බොලාගේ මහ එවුන් රට කාලා තියෙන්නේ. දැක්කා නේ කැරම් බෝඩ් වලින්ම මිලියන පනස් තුනක් ගහලා, නෙළුම් කුළුණ අධිවේගි මාර්ග, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ වගේ ඒවා ගෙන් ගහපු ගැහිලි හොයන්න අවුරුදු පහත් මදිවෙයි.
Nilantha Friday, 30 May 2025 05:16 PM
ඉතින් ඒකාලේ සරමක් ඇදලා තමනුත් පොහොට්ටුව වෙනුවෙන් ඔලුවෙන් හිටගෙන කොමෙන්ටු දාපු හැටි අපිට නම් අමතක නැහැ...
ගුණරත්න Friday, 30 May 2025 09:58 AM
මාලිමා ජෙප්පෝ ටික පොරොන්දු වුනු නිෂ්පාදන ආර්ථිකේ මේකද?
සෙනෙවිරත්න Friday, 30 May 2025 10:16 AM
ඇයි සමාගම ආණ්ඩුවේද, සේරම පෞද්ගලික කරාම හරි කියන අය මේවට ඇයි රජයට දොස් තියන්නෙ? මේකෙ කොටස් රජයට තියෙනවද ? අපි දන්න විදියට රජය මෙයාලට වාසි වෙන විදියට දුඹුරු සීනි වලට අමතර බදු පැනෙව්ව විදෙස් සීනි ලාබෙට ගේනවට, එහෙම වෙලත් මේ පාඩු වෙන්නෙ පරිපාලනය වරදින් වෙන්න ඇති. කලයුත්තෙ ඕක රජයට පවරා ගැනීම.
යෝගා Friday, 30 May 2025 10:57 AM
පැල්වත්ත සහ සෙවනගල රජයට අයත්, පසුගිය අවුරුද්දේත් ලාබ ලැබූ ආයතන. වැඩ බැරි ඇමති පහුගිය මාස හතේදී පරිපාලනය විනාශ කරලා. කමෙන්ට් කරද්දී හොයලා බලලා කරන්න.
Lalla Friday, 30 May 2025 12:26 PM
සේවකයින්ට මසකට කිලෝ පහක් රු.240/= මිලකට නේද දෙන්නේ...? වෙළඳපොලේ සුදු සීනි මිල ඊට අඩු නේද...?
Harsha Godage Friday, 30 May 2025 12:51 PM
සීනි නැතුව හිටපු කාලයක් තිබුණා. ඔය සීනි ටික විකුණා ගන්න තිබුණු සීනි රටින් ගේන එක නැවැත්තුවා නම්...!
de silva berlin Friday, 30 May 2025 01:05 PM
සතොස ආයතනය හරහා පැලවත්තේ නිපදවන සීනි, ආනයනික සීනි වලට වැඩිය රුපියල් 10ක අඩු මිලකට ජනතාවට බෙදාහරින්න බැරි මොකද? "පැලවත්තේ නිපදවන වස විස නැති දුඹුරු සීනි එක පුද්ගලයෙකුට දෙන්නේ කිලෝ 2 පමණි කියලා" පොඩි බැනර් එකක් සතොසේ ඉස්සරහ ගහලා, පොඩි ප්‍රචාරයක් දුන්නා නම් මිනිස්සු පෝලිමේ ඉඳලා පොර කමින් සීනි ගනීවි.., සතොස වැනි රාජ්‍ය යාන්ත්‍රණයක් තිබිලත් නිෂ්පාදන කලට වෙලාවට වෙළෙඳ පලට යවා මුදල් කරගන්න එක සමාගමේ සභාපති ඇතුළු නිලධාරීන්ට බැරි නම් ඔවුන් ගෙදර යවන එක රජයේ වගකීමක්....!
ගුණරත්නFriday, 30 May 2025 01:51 PM
ජෙපි මෝල්ලුන්ට එච්චර මොලයක් නැහැ... ඔවුන් දන්නේ තව මොකෙක් හරි හොරෙක් කියන එක අහලා විශ්වාසයට අරගෙන රැවටෙන එක. වාහන වෙන්දේසිය කියන මගඩියේ වුනෙත් ඒක...
de silva Friday, 30 May 2025 03:50 PM
හර්ෂ ගොඩගේ මහත්මයා, මෙතැන තිබෙන ප්‍රශ්නේ සීනි රටින් ගෙනඑන එක නොවේ. තමන් නිෂ්පාදනය කරන සීනි කලට වෙලාවට වෙළඳ පලට නිකුත් කරගන්න පැල්වත්ත ආයතනයේ පාලකයින්ගේ තිබෙන නොහැකියාව, සතොස වැනි රජයේ වෙළඳ යාන්ත්‍රණයක් තිබෙනවා. කීල්ස්, කාර්ගිල්ස් වැනි සුපර්මාර්කට් ජාලයක් තිබෙනවා. වවලා තිබෙන උක් ප්‍රමාණය ගැන දත්ත පැල්වත්ත සීනි සමාගම සතුව තිබෙනවා. ඔවුන්ට පුළුවන්කම තිබෙනවා... මාස 3-4 කලින් නිපදවන සීනි ප්‍රමාණය කියන්න ඔවුන්ට පුළුවන් කල් ඇතිව සතොස සහ පුද්ගලික ආයතන සමග සාකච්ඡා කරන්න. දුඹුරු සීනි වලට හොඳ ඉල්ලුමක් රටේ තිබෙනවා. පාකිස්තාන් අර්තාපල්වලට වැඩිය වැඩි මිලක් ගෙවලා ලංකාවේ අල මිලදී ගන්න පාරිභෝගිකයින් සැදී පැහැදී සිටිනවා... සීනි යනු එළවලු පලතුරු මෙන් දින කිහිපයක් තුළ නරක් වෙන දෙයක් නොවේ...