IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ප්‍රථම ගුවන් සංක්‍රමනික කෞතූකාගාරය විවෘත කරයි

(ඉන්දිකා  රාමනායක)

යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ සෙබලුන්ගෙන් සමන්විත පැරෂුට් භටයින්ගේ ඓතිහාසික මතකයන් සිහිපත් කරමින් ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේ ඉදිකල දිවයිනේ ප්‍රථම ගුවන් සංක්‍රමනික කෞතූකාගාරය ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ  ප්‍රධානාත්වයෙන් විවෘත  විය.

නව ගුවන් සංක්‍රමනික කෞතුකාගාරය තුල හමුදාව ගුවන් සංක්‍රමනික අභ්‍යාස සහ මෙහෙයුම් සඳහා මුල් අදියරේදී භාවිතා කරන ලද සියලුම උපකරණ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත.

ඉන්දියාවේ අග්රා -පැරා පුහුණු පාසලෙන් පුහුණුව ලැබු නිලධාරීන් 3 දෙනෙකු සහ සෙසු නිලයින් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පැරෂුට් භටයින්ගේ පළමු කණ්ඩායම වර්ෂ 1979 දෙසැම්බර් මස 29 වන දින පුහුණුව අවසන් කළ අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් එස්.ඩී පීරිස් පළමු ශ්‍රී ලංකා පැරෂුට් භටයා ලෙස ඉතිහාසයට එක් වන බව හමුදාව පවසයි.

ශ්‍රී ලංකාවේ පළමු ස්කයිඩයිවර්ස් ලෙස සැලකෙන මේජර් එන්.ජී චන්ද්‍රහසේනල එක්සත් ජනපදයේ ස්කයිඩයිවර්ස් පාඨමාලාව හැදෑරීමෙන් පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් පුහුණු කිරීම ආරම්භ කර ඇත.

ගණේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේදී සිය පැරෂුට් පුහුණු කටයුතු වර්ෂ 1990 ජනවාරි මස 29 වන දින ආරම්භ කළ අතර ඉන් අනතුරුව ඉතිහාසයේ ප්‍රථම වතාවට යුද්ධ හමුදාවේල ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ විශේෂ බළකායන්ට ගුවන් සංක්‍රමනික පුහුණු කටයුතු සඳහා ඇතුළත්වීමේ ප්‍රවේශය හිමි විය.

යුද්ධ හමුදාව විසින් ලබාදුන් පුහුණුව මත ගුවන් හමුදාවේ පළමු පැරෂුට් භටයා ලෙස බලඝණ නායක බී.එන්.රත්නකුමාර නාවික හමුදාවේ පළමු පැරෂුට් භටයා ලෙස ලුතිනන් යු.අයි. සේරසිංහ ඉතිහාසයට එක් වේ.

1992 වසරේ දී පැවති 44 වන ජාතික නිදහස් දින උත්සවයේදී මේජර් සමන්ත සුරියබණ්ඩාර ගේ නායකත්වය යටතේ පැරෂුට් සංදර්ශනයක් සමගින් ශ්‍රී ලංකාවේ පළමු ස්කයිඩයිවර්ස් සංදර්ශනය විශ්මය ජනක ලෙස ප්‍රදර්ශනය කෙරිණි



අදහස් (3)

ප්‍රථම ගුවන් සංක්‍රමනික කෞතූකාගාරය විවෘත කරයි

Kuttiarachci Thursday, 24 February 2022 04:57 PM

ජයවේවා... ලෝකයේ තියෙන හොඳම කෞතුකාගාරය..!

:       6       5

Tar Thursday, 24 February 2022 06:56 PM

ඕවා කර කර ඉඳපල්ලා...!

:       6       7

Bunny Preena Friday, 25 February 2022 08:55 AM

අපි හොඳ දේ අගයන්න පුරුදු වෙමු. ඒ හැම පුරුද්දක්ම අපිට ලැබෙන්නේ, අපිට හොඳ යහගුණ ඇති හොඳ දෙමව්පියන්ගේ සහ ඥාති හිතමිතුරන්ගේ ඇසුරෙන්.. මට ඒ හැමදේම ලැබිලා තිබීම ගැන සතුටු වෙමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 30 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 397 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 846 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site