IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නිව්යෝක් පළමු මුස්ලිම් නගරාධිපති දිවුරුම් දෙයි

නිව්යෝක් නගරසභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂ සොහ්රාන් මම්දානී එම ධුරයේ දිවුරුම් දුන්නේය.

මම්දානීගේ දිවුරුම්දීම සිදුවූයේ කුරානය මත අත තබමිනි. නිව්යෝක් නුවර නගරාධිපති ධුරයට පත්වුණු පළමු මුස්ලිම් නගරාධිපති වන්නේ 34 හැවිරිදි මම්දානීය. 

දිවුරුම් දීම සිදුවූයේ නීතිපති ලෙටිටියා ජේම්ස් ඉදිරියේය. මෙම අවස්ථාවට මම්දානිගේ බිරිඳ ද සහභාගී වූවාය.

මම්දානී දිවුරුම් දීමට යොදා ගත් ස්ථානය වන්නේ, නිව්යෝක් නුවර අතහැර දැමුණු උමං දුම්රිය ස්ථානයකි. නිව්යෝක් නුවර උමං දුම්රිය පද්ධතියේ ආරම්භය සිදුවූයේ මෙම දුම්රිය ස්ථානයෙනි.

තමන් දිවුරුම් දීමට මෙම දුම්රිය ස්ථානය තෝරා ගත්තේ නිව්යෝක් නගරය යළි එහි ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන යන බව පෙන්වීමට යැයි මම්දානී පැහැදිලි කර ඇත. 



අදහස් (0)

නිව්යෝක් පළමු මුස්ලිම් නගරාධිපති දිවුරුම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site