(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නියෝජ්‍ය අමාත්‍යවරයකුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්න හැකියාවක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
Erskine May, Kaul & Shakdher වැනි පාර්ලිමේන්තු සම්ප්‍රදායන් වල ඒ ගැන ගැන සදහන්ව ඇති බව කී විපක්ෂ නායකවරයා නියෝජ්‍ය ඇමතිවරයකු විධායකයේ කොටසක් බවට පත්වන විට ස්ථාවර නියෝගවල සඳහන්ව නැතැයි කියා විශ්වාසභංගයක් ගෙන ඒම බැහැර කළ නොහැකි බව සඳහන් කළේය.
ස්ථාවර නියෝගවල අමාත්‍යවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනා ගැන නිශ්චිත සඳහනක් නොතිබුණත් ඒ නිශ්ශබ්ධතාවයෙන් හැගෙන්නේ මේවා ගෙන එන්න බැහැ යන කාරණය නොවන්නේ යැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.
කතානායකවරයා පාර්ලිමේන්තු ක්‍රම ගැන ඇති පූර්වාදර්ශ පරිශීලනය කළා නම් නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි බව තේරුම් ගන්නේ යැයිද විපක්ෂ නායකවරයා කීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නියෝජ්‍ය ඇමතිවරයෙක්ට එරෙහිව විශ්වාස භංග ගේන්න පුළුවන්