IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


දෙමළ ඩයස් පෝරාව මහ නා හිමිවරුන් බැහැ දකි

(ජේ.ඒ.එල්. ජයසිංහ)

රට පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ ⁣විදේශීය දෙමළ ඩයස් පෝරාව හෙවත් ගෝලීය දෙමළ සංසදයේ නිලධාරීන් සහ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා මහනුවරට පැමිණ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක සහ වරකාගොඩ ශ්‍රි ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමිවරුන් බැහැදැක, යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම පිළිබඳව විශේෂ ලියවිල්ලක් මහනායක හිමිපාණන් වහන්සේලා වෙත බාර දුන්හ.

ලංකාවේ සියලු‍ ජන කොටස් අතර සමගිය, සහජීවනය සහ ආගමික සංහිඳියාව ගොඩනැංවීමට තම පූර්ණ සහයෝගය ලබා දෙන බව ද ඔවුහු මෙහිදී සඳහන් කළහ.

මෙම අවස්ථාවට ගෝලීය ද්‍රවිඩ සංසදයේ සභාපති, එක්සත් රාජධානියේ වෙසෙන සුරේන් සුරේන්දිරන් භවාන් භබකුගන්, වේලු‍පිල්ලේ කුගනේන්ද්‍රන්, ඕස්ට්‍රේලියාවේ ආචාර්ය කේමුගුන්දන්, ප්‍රකාශ් රාජසුන්දරම්, කැනඩාවේ රාජ් තවරත්නසංහම්, ඇමෙරිකාවේ ආචාර්ය ජෙයරාජා, යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ නියෝජිතයන් වූ අමරපුර නිකායේ මාදම්පාගම අස්සජි, සියඹලාගස්වැව විමලසාර, වාද්දුවේ පියරතන, මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර, කළුපහන පියරතන, කිතලගම හේමසාර, නාරම්පනාවේ ධම්මාලෝක, වලතර සෝභිත යන හිමිවරු ද සහභාගි වූහ.

මේ සම්බන්ධයෙන් මහනුවර ක්වීන්ස් හෝටලයේදී අදහස් දැක්වූ දෙමළ ඩයස් පෝරාව හෙවත් ගෝලීය දෙමළ සංසදයේ සභාපති සුරේන් සුරේන්දිරන් මහතා මෙසේ කීය.

“මම වසර 40කට කලින් මෙරටින් ගියා. ඒත් අප ගැන බෙහෝ වැරැදි මත ශ්‍රී ලංකාවේ පැතිර ගියා. අප නිතර කටයුතු කළේ එක්සත් ශ්‍රී ලංකාවක් සහ සහජීවනයෙන් සැවොම නිදහසේ ජීවත් වන රටක්. අපේ ඉදිරි අපේක්ෂාවත් එයයි.

මේ රටේ සියලු‍ ජාතින් ශ්‍රී ලාංකිකයන් එකතු වී මේ රට ගොඩනැගිය යුතු බව අප මහනායක හිමිපාණන් වහන්සේලා හමු වූ අවස්ථාවේ උන්වහන්සේලා අප හා පැවැසුවා.

අප ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ ජනාධිපතිතුමාත් කීවා උතුරේ සංවර්ධන කටයුතු සඳහා සියලු‍ දෙනාගේ සහාය ලබා දිය යුතු බව. මහනායක හිමිපාණන් වහන්සේලා ඉතා සුහදව අප සමග සාකච්ඡා කළා. උන්වහන්සේලා මේ තරම් සංවේදීව රටේ ප්‍රශ්න උතුරේ ජනතාවගේ ප්‍රශ්න ගැන අවධානය යොමු කර අවබෝධයෙන් පසු වීම ගැන අපගේ ප්‍රසාදය උන්වහන්සේලා වෙත පළ කරනවා. මේ රටේ සියලු‍ ජනතාව සමගියෙන් සහජීවනයෙන් ආගමික සංහිඳියාවෙන් ජීවත් වනු දැකීම තමන් වහන්සේලාගේ එකම අපේක්ෂාව බව ද පැවැසුවා.

මහනායක හිමිපාණන් වහන්සේලා උතුරු නැගෙනහිර පළාත්වලට ගොස් ඒ ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු‍ අවබෝධ කරගත් බව ද අපට පැවැසුවා.

අප උතුරේ ජනතාවත් ඔවුන්ගේ නියෝජිතයනුත් දැනුවත් කිරීමට පියවර ගන්නවා.”

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමිපාණන් වහන්සේ මෙසේ පැවැසූහ.



අදහස් (8)

දෙමළ ඩයස් පෝරාව මහ නා හිමිවරුන් බැහැ දකි

AB Sunday, 10 December 2023 09:20 PM

ලංකාවේ සියලු‍ ජන කොටස් අතර සමගිය, සහජීවනය සහ ආගමික සංහිඳියාව ගොඩනැංවීමට තම පූර්ණ සහයෝගය ලබාදී මනුෂත්වය වෙනුවෙන් ක්‍රියා කරනවා මිස තනතුරු සහ බල තණ්හාවෙන් සහ මහපොලව බෙදා ගැනීමට යුද්ද කිරීමෙන් පලක් නොවන බව සියල්ලෝම තේරුම් ගනිත්වා. මේවනවිට උතුරේ සිට දකුණට රටේ පුරවැසියන් ඇති බහුතරයක් මනුෂත්වයෙන් ක්‍රියාකර ගැටළු විසදා ගත හැකි බව තේරුම් ගෙන ඇත.

:       1       6

saki Sunday, 10 December 2023 09:21 PM

මේ මහා නායක හිමිවරුද ?මේගොල්ලන්ගේ කට අරින් නෑ හොඳ දේට " සක්කරයාටත් බෑ

:       0       4

රංබොඩ Sunday, 10 December 2023 11:46 PM

උඩින් එකයි යටින් එකයි නැත්නම් සිංහල බෞද්ධ ජනතාව සමඟ සහෝදරත්වයෙන් ජීවත්වන එක අපහසු දෙයක් නොවෙයි. මේක අපේ රට කියලා හදවතින්ම හිතන එකත් ඉතහාසය විකෘති නොකර පිලිගන්න එකත් ඉතා වැදගත්. කපන්න බැරි අත ඉඹින්න යනවා සේ තවත් කපටි වැඩක් නොවේ වා යි පතමු.

:       0       5

Bamunuarachchi Monday, 11 December 2023 05:41 AM

වැඩේ බොහොම ලෙහෙසි රටෙන් 2/5 අපි ඉල්ලානේ නැහැ. රටේ නීතිය අපි සියළුම දෙනාට එකයි කියා අපි පිලිගන්නවා. කියලා ප්‍රසිද්දියේ ප්‍රකාශ කරන්න. ජෙප්පෝ වගේ ලේ සැලෙන විප්ලවයෙන් කරගන්න බැරිඋන වැඩේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් කොරගන්න හදනවාද? කොහොමත් අපිට හම්බයින් සමග ජීවත් වෙනවාට වඩා දමිළ යින් සමග ජීවත් වෙන්න පුළුවන්. ඒ එකිනෙකාගේ සංස්කෘතින්කිට්ටුවෙන් යන නිසා.

:       4       5

කසුන් Monday, 11 December 2023 08:20 AM

සුදු සරම් ඇඳන් ආවත් අපි නෑ රැවටෙන්නේ... නටපු දා එලිවන්නේ.. යටින් පුල්ලි පෙනෙන්නේ...

:       1       6

Senarath Monday, 11 December 2023 08:52 AM

වෙනත් යටි අරමුණු නොමැතිව සත්භාවයෙන් කටයුතු කරනවානම් හොඳයි .දේශපාලකයෝ ගැන අපේ දැන් විශ්වාසයක් නැහැ .ඒ නිසා අපේ හාමුදුරුවරු මේ ගැන හොඳින් හිතා මතා තීරණ ගන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා

:       0       4

SATHUTUI Monday, 11 December 2023 09:00 AM

පසුව වුවද එකිනෙකාට ගෞරව කරමින් අප සියලු දෙනාම එක්ව කටයුතු කළ හැකි නම් ශ්‍රී ලංකාව මිහිපිට ජීවත් වීමට හොඳම රට බවට පත් වනු ඇත. සුබ පැතුම්!

:       1       2

Bamunuarachchi Monday, 11 December 2023 06:52 PM

දමිළ මිනිස්සු සමග අපේ වෛරයක් ඇතිවුනේ රටින් කොටසක් ඉල්ලීම නිසයි. එයටත් හේතු තිබෙනවා. එව්වා මෙතැන කථා කරන්න බැහැ. කොහොම නමුත් හම්බයින්ට වැඩියෙන් දමිළ මිනිස්සු විස්වාසයි. පෞද්ගලිකව ජෙප්පන්ට වඩා සංවරයි විස්වාසයි. රට බල්ලාට ගියත් දමිළයනි, ඔබලා ජෙප්පන්ට සපෝට් කරන්න එපා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 221 0

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1275 0

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2461 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 957 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 438 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 476 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1351 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 347 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site