IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දාහත් වසරක් කොළඹ සේවය කර ගමට මාරුව ලද පී.සී අනතුරින් මරුට

(කේ. බුද්ධික කුමාරසිරි)

කඩුවෙල බෝමිරිය ඩඩ්ලි ගුණසේකර මාවත ආසන්නයේදී සිය යතුරු පැදිය ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙහි අධිකරණ පොලිස් නිළධාරී ලෙස රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයා අද (30) දින අලුයම මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

මෙම පොලිස් කොස්තාපල්වරයා ලබන  ජනවාරි 01 දින සිට ගාල්ල පොලිස් කොට්ඨාසයට මාරුවීම් ලැබ සිටි අයකු බවත් වසර 17 කට වැඩි කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ රාජකාරී කළ නිලධාරියකු බවත් නවගමුව පොලිසියේ උසස් නිළධාරීයෙක් පැවසීය.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කඩුවෙල පොළිසියට අනුයුක්තව රාජකාරි සිදුකළ මොරගල පාර, පිලාන, වංචාවල පදිංචිකරුවකු වන අරවින්ද සඳරුවන් නැමති වයස අවුරුදු 40 ක් වන එක්දරු පියෙකි.

රාජකාරි නිමවා මිතුරකු නිවසට ඇරලවා නැවක පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවද පොලිසිය පවසයි.

අනතුර සිදුවීමෙන් පසු රැස්වූ පිරිස් තුවාලකරු නවගමුව රෝහලට යොමු කොට ඇති අතර එම රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කොට යවා සිටයදී අද (30) දින අලුයම් කාලයේ ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.‍ෙ



අදහස් (0)

දාහත් වසරක් කොළඹ සේවය කර ගමට මාරුව ලද පී.සී අනතුරින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site