IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දකුණු අප්‍රිකාවේ එක පොදියට මැතිවරණ

දකුණු අප්‍රිකාවේ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ පළාත් නවය සඳහා පළාත් සභා මැතිවරණය අද (29) පැවැත්වෙයි. මැතිවරණ කටයුතු වෙනුවෙන්, දකුණු අප්‍රිකාවේ අද නිවාඩු දිනයක්  ප්‍රකාශයට පත් කර තිබේ.

මැතිවරණ පැවැත් වූයේ, ඉදිරි පස් වරක කාලය සඳහා නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම, පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් සමන්විත නව ජාතික සභාවක් පිහිටුවීම සහ ප්‍රාන්ත මට්ටමින් ව්‍යවස්ථාදායකයන් තෝරා ගැනීම සඳහාය.

1994 දී වර්ණභේදවාදය තුරන් වී, නෙල්සන් මැන්ඩෙලා ප්‍රමුඛ අප්‍රිකානු ජාතික කොංග්‍රසය බලයට පත් වී රජයක් පිහිටුවීමෙන් පසු දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන හත් වැනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය මෙය යැයි එරට මාධ්‍ය පවසයි.   

වසර 30 ක් තිස්සේ, දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ බහුතරය හිමිකර ගනිමින්, බලයේ සිටින්නේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයයි. කෙසේ නමුත් මෙවර අප්‍රිකානු ජාතික කොංග්‍රසයට පාර්ලිමේන්තුවේ බහුතරය රැක ගැනීම අභියෝගයක් වී ඇත. ඒ, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ජනප්‍රියත්වය අඩුවී ගොස් ඇති බැවිනි.

දකුණු අප්‍රිකාවේ ජනගහනය මිලියන හැට දෙකකි. ලියාපදිංචි ඡන්ද දායකයක් ගණන මිලියන 27.79 කි. ඡන්දය ප්‍රකාශ කිරීම අද (29) උදෑසන 7 ට ආරම්භ විය. ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වෙන්නේ රාත්‍රී 9 ටය.

ඡන්ද මධ්‍යස්ථාන 23,292 ක් ක්‍රියාත්මක වන බව දකුණු අප්‍රිකා මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.

දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරය හොබවන්නේ, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සභාපති ධුරය ද හොබවන සිරිල් රැම්පෝසාය. රැම්පෝසා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයේ රැඳී සිටින්නේ 2018 වසරේ සිටය. අප්‍රිකානු ජාතික කොංග්‍රසය පක්ෂ තුනක සන්ධානයකි.



අදහස් (1)

දකුණු අප්‍රිකාවේ එක පොදියට මැතිවරණ

පිටරටවැසියා Wednesday, 29 May 2024 11:45 AM

ලංකාවේ නම් එක පොදියට මැතිවරණ සිතියම අකුලලා ඉවරයි. පළාත් සභා මැතිවරණයට ඇඩ්‍රස් නෑ... (ඒකනම් නැතුවත් කමක් නෑ).. පළාත් පාලන මැතිවරණයට සල්ලි නෑ. ජනපතිවරණය සහ මහමැතිවරණය වසර දෙකකට ඕන නෑලු... අනිච්ඡා වත සංඛාරා...!

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site