
දකුණු අප්‍රිකාවේ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ පළාත් නවය සඳහා පළාත් සභා මැතිවරණය අද (29) පැවැත්වෙයි. මැතිවරණ කටයුතු වෙනුවෙන්, දකුණු අප්‍රිකාවේ අද නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මැතිවරණ පැවැත් වූයේ, ඉදිරි පස් වරක කාලය සඳහා නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම, පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් සමන්විත නව ජාතික සභාවක් පිහිටුවීම සහ ප්‍රාන්ත මට්ටමින් ව්‍යවස්ථාදායකයන් තෝරා ගැනීම සඳහාය.
1994 දී වර්ණභේදවාදය තුරන් වී, නෙල්සන් මැන්ඩෙලා ප්‍රමුඛ අප්‍රිකානු ජාතික කොංග්‍රසය බලයට පත් වී රජයක් පිහිටුවීමෙන් පසු දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන හත් වැනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය මෙය යැයි එරට මාධ්‍ය පවසයි.
වසර 30 ක් තිස්සේ, දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ බහුතරය හිමිකර ගනිමින්, බලයේ සිටින්නේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයයි. කෙසේ නමුත් මෙවර අප්‍රිකානු ජාතික කොංග්‍රසයට පාර්ලිමේන්තුවේ බහුතරය රැක ගැනීම අභියෝගයක් වී ඇත. ඒ, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ජනප්‍රියත්වය අඩුවී ගොස් ඇති බැවිනි.
දකුණු අප්‍රිකාවේ ජනගහනය මිලියන හැට දෙකකි. ලියාපදිංචි ඡන්ද දායකයක් ගණන මිලියන 27.79 කි. ඡන්දය ප්‍රකාශ කිරීම අද (29) උදෑසන 7 ට ආරම්භ විය. ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වෙන්නේ රාත්‍රී 9 ටය.
ඡන්ද මධ්‍යස්ථාන 23,292 ක් ක්‍රියාත්මක වන බව දකුණු අප්‍රිකා මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරය හොබවන්නේ, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සභාපති ධුරය ද හොබවන සිරිල් රැම්පෝසාය. රැම්පෝසා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයේ රැඳී සිටින්නේ 2018 වසරේ සිටය. අප්‍රිකානු ජාතික කොංග්‍රසය පක්ෂ තුනක සන්ධානයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නම් එක පොදියට මැතිවරණ සිතියම අකුලලා ඉවරයි. පළාත් සභා මැතිවරණයට ඇඩ්‍රස් නෑ... (ඒකනම් නැතුවත් කමක් නෑ).. පළාත් පාලන මැතිවරණයට සල්ලි නෑ. ජනපතිවරණය සහ මහමැතිවරණය වසර දෙකකට ඕන නෑලු... අනිච්ඡා වත සංඛාරා...!