(සුජිත් හේවාජුලිගේ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු ලැබුවහොත් එම පනත යටතේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් නිදහස් වීමේ අවදානමක් පවතින බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.
එසේ හෙයින් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන ගමන්ම සංවිධානාත්මක අපරාධ පනත කරළියට ගෙන ආ යුතු බවද ඔහු සඳහන් කළේය. සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීමට එම පනත ඉතා වැදගත් බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය . සැප්තැම්බර් මස මුලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත ගැසට් කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පසුගියදා පැවසීය.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියන එක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වෙන දෙයක්. සැප්තැම්බර් මුල වෙනකොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත ගැසට් කරන්න අපි කටයුතු කරනවා යැයිද ඔහු සඳහන් කළේය. විජිත හේරත් මහතා මෙසේ පැවසුවේ ඉකුත් 22 වැනිදා පාර්ලිමේන්තුවේදී අදහස් ඉදිරිපත් කරමිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ත්‍රස්ත පනත අහෝසියෙන් දරුණු අපරාධකරුවන් එළියට යන අවදානමක්
උකුස්සා Sunday, 31 August 2025 01:55 PM
ජනාධිපතිතුමනි, ඔබේ අවධානය පිණිසයි...
fairoos Sunday, 31 August 2025 06:13 PM
අම්මෝ රටට තියන ආදරේ නේද ?
Perera Monday, 01 September 2025 08:43 AM
ප්‍රශ්නයක් නෑ නේ. පරණ පනත යනවා, අලුත් පනතක් එනවා.
Asanga Monday, 01 September 2025 10:09 AM
මේ රජය වැඩ කරන්නේ දෙමළ ඩයස්පෝරාවට ඕනෑ විදියට. රජය රූකඩයක් වෙලා තියෙන්නේ ඔවුන්ට මොකද ආන්ඩුව ගේන්න මුදල් කුට්ටි ගණන් දුන්නු නිසා...