IMG-LOGO

ඩිෆෙන්ඩරය ගසක හැපී සෙබළු පහක් රෝහලට

(නිමල් ජයරත්න)

අම්පාර මහඔය සිට මින්නේරිය බලා ධාවනය කරමින් තිබූ මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලට අයත් ඩිෆෙන්ඩර්  රථයක් මනම්පිටිය කුඩාවැව ප්‍රදේශයේ පාරෙන් ඉවතට පැන සියඹලා ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් සෙබළුන් පස්දෙනකු තුවාල ලබා පොළොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ සෙබළුන් දෙදෙනකු පොළොන්නරුව රෝහලටත්, ඉතිරි තිදෙනා මනම්පිටිය රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගත් බවද පොලිසිය පවසයි.

මහඔය ප්‍රදේශයේ පුහුණු පාඨාමාලාවට ගොස් ආපසු මින්නේරිය බලා ගමන් කරමින් සිටියදි ඔවුන් මෙම අනතුරට මුහුණපා ඇති බව පරීක්ෂණ සිදුකර මනම්පිටිය පොලිසියේ සඳහන් කරයි.

මෙම අනතුරට හේතුව රියදුරට නින්ද යෑම බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී පැවසීය.

 



අදහස් (1)

ඩිෆෙන්ඩරය ගසක හැපී සෙබළු පහක් රෝහලට

ලුම්බිණි Wednesday, 21 May 2025 10:35 AM

නින්ද යන්නේ නැතුව වාහනයක් එලවන්න හමුදාවෙන් පුහුණු කරලා නැද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 373 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 184 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1881 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site