IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඩිජිටල් ගැන මැති සබේට කියාදෙන්න යයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් මාර්තු 10 වැනි දින පැවැත්වීමට, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය විය.

එම කාරක සභාව ඩිජිටල් ආර්ථික අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹිණි. මේ අවස්ථාව සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාද සහභාගී වී සිටියේය.

මෙහිදී අදහස් දක්වමින්  ජනාධිපතිවරයා කීවේ ආණ්ඩුවේ ප්‍රධානතම ඉලක්කයක් වන ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය වේගවත් කිරීම, සමස්ත රටේම සිදුවන පරිවර්තනයක් ලෙස සලකා සියලුම දෙනා කටයුතු කිරීම වැදගත් බව අවධාරණය කළේය.



අදහස් (3)

ඩිජිටල් ගැන මැති සබේට කියාදෙන්න යයි

Asela Friday, 21 February 2025 05:38 PM

ICTA හැරුණු විට, රජයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ, ICT උපාධිය වෙනුවට සාමාන්‍ය භෞතික විද්‍යාත්මක උපාධි පමණක් ඇති යල් පැන ගිය, උදාසීන සහ සාමාන්‍ය රජයේ සේවකයින් අපට පෙනේ. ඔවුන් කිසි විටෙකත් කිසිදු IT වෘත්තීය සහතිකයක් ලබා නොගනී. මෙම අදක්ෂ සහ යල් පැන ගිය සේවකයින්, සමහර විට IT ප්‍රධානියා හෝ IT අංශයේ භාරකරු ලෙස සේවය කරයි. මම විශේෂ ව්‍යාපෘති උපදේශකයෙකු මත රජයේ සේවය සඳහා සේවය කරන විට, නවීන IT කුසලතා හෝ විශේෂඥතාව පිළිබඳ මනා දැනුමක් ඇති කිසිවෙකු මට හමු වී නැත. නිවැරැදි ආකල්ප සහ කුසලතා ඔවුන් බල ගැන්වීමෙන් තොරව, ඔබට එය කළ නොහැකිය. මෙය තවත් සුදු අලියෙකි. මෙම සම්පූර්ණ සේවාව පෞද්ගලික අංශයට හෝ සමස්ත රජයේ සේවාවට පැවැරීම වඩා හොඳයි. පාර්ලිමේන්තුවේම ICT භාරකරු හිටපු හමුදා නිලධාරියෙකි. අනෙකුත් දෙපාර්තමේන්තු සඳහාද එයම සත්‍ය වේ. ඩිජිටල් පරිවර්තනයට යාමට පෙර, ඔබ පැරැණි සේවකයින් සේවයෙන් පහ කළ යුතුයි. නැතහොත් නව තරුණ IT උපාධිධාරීන් බඳවා ගත යුතුයි...

:       1       34

de silva berlin Friday, 21 February 2025 08:39 PM

විෂය පිළිබඳ දැනුමක් නොමැති පැරණි අල්ලසට, කොමිස් එකට බර යල්පැන ගිය නිලධාරීන් සමග මේවා කරන්න බැහැ. මෙවැනි දේවල් වලට ඉන්දියාවේ හෝ විදේශ සමාගම් ගාව ගන්න එපා. ඉන්දියාව මේවා අපට ආධාර ලෙස දෙන්න හදන්නේ යටි අරමුණක් ඇතිව... දක්ෂ ශ්‍රී ලාංකික පරිගණක ඉංජිනේරුවන් සමග සාකච්ඡා කර මේක හොඳට සැලසුම් කරලා කරන්න යම්කිසි කාලයක් ගතවුනත් කමක් නැහැ. නැතිනම් අර පාස්පෝර්ට් එකට චිප් එක දමන්න ගිහින් කරගත්තා වගේ අවුලක් නම් කරගන්න එපා. මෙම ඩිජිටල් හැඳුනුම්පත් මුලින්ම මහජනයා අතර ක්‍රියාත්මක කරන්න කලින් රජයේ නිලධාරීන්ට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන්න. ඔක්කෝම හරියට ක්‍රියාත්මක වෙනවා නම් පමණක් සියලුම ජනතාවට මේක ක්‍රියාත්මක කරන්න. ජර්මනියේත් මේ ඩිගිටල් හැඳුනුම්පත් ක්‍රමය තිබෙනවා... නමුත් භාවිතා කරන්නේ ජනගහනයෙන් 10%-15% අතර ප්‍රමාණයක්..., මෙහේ මේවා බලෙන් මිනිස්සු පිට පටවන්න හදන්නේ නැහැ...

:       0       1

Wasim Friday, 21 February 2025 11:16 PM

අම්මෝ මිස්ට බේගල් දෙන්න යන්නේ ලොවෙත් නැතිවෙන්න.!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site