(විමුක්ති එස්. රුද්‍රිගු)
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති තීරුබදු බොහොමයක් නීති විරෝධී බවත් අනෙක් රටවලට බදු පැනවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් එරට ෆෙඩරල් අභියාචනාධිකරණය පසුගිය දා තීන්දු කළේය.
ෆෙඩරල් අභියාචනාධිකරණයේ 11 දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද පිළිබඳව අභියාචනය විභාග කර ඇති අතර විනිසුරුවරුන් 7 දෙනකුගේ එකඟත්වයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
ලෝකයේ රටවල් තමන්ට පනවා ඇති තීරු බද්ද අඩු කර ගැනීම සඳහා පවත්වන සාකච්ඡාවල තීරණාත්මක මොහොතක ෆෙඩරල් අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ඇමෙරිකාව සිය වෙළෙඳ හවුල්කරුවන් සමග පවත්වන සාකච්ඡා හෙට (01) වනවිට අවසන් කිරීමට එරට භාණ්ඩගාර ලේකම් ස්කොට් බෙසන්ට් බලාපොරොත්තු වුවත් අභියාචනාධිකරණ තීන්දුවත් සමග එම ඉලක්කය මග හැරී යනු ඇත.
ජනපති ට්‍රම්ප් පසුගිය අප්‍රේල් 2 වැනිදා "අන්‍යෝන්‍ය බදු ක්‍රමය" ප්‍රකාශයට පත් කිරීමත් සමග පසුගිය මාස 5 පුරාවට ලෝක ආර්ථිකයේ අස්ථාවරත්වයක් ඇති විය.
ඇමෙරිකාව තුළ ද භාණ්ඩ මිල ඉහළ යාමට එය හේතුවක් විය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ට්‍රම්පේ තීරුබද්ධ එරට අභියාචනාධිකරණය විසි කරයි
Perera Monday, 01 September 2025 07:53 AM
ලංකාවේත් දැන් අධිකරණය තිබුණටත් වඩා ස්වාධීනයි.
අරවින්ද මොණරවිල Monday, 01 September 2025 09:14 AM
අර කතාවක් තියෙනවනේ පිස්සෙක් ජනාධිපති උනත් එකයි, ජනාධිපතිට පිස්සු වැටුනොත් එකයි කියලා.දැන් ඇමරිකානුවන්ට හොයා ගන්න තියෙන්නේ මේ දෙකෙන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා ?