IMG-LOGO

ජාතික රෝහල් රසායනාගාරයේ කෝටි ගණනක වංචාවක් ?

(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහලේ රසායනාගාරයට රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වැය කර කල්ඉකුත් වූ, කල්ඉකුත්වීමට ආසන්න හෝ කල්ඉකුත්වීමෙන් පසුව භාවිත කිරීමට රසායනික ප්‍රතික්‍රීයකවල මිලදී ගෙන ඇති බවත් මෙම තත්වය හේතුවෙන් රෝගීන් දසදහස් ගණනක ජීවිත අවදානමට ලක්කර ඇති බවත් වෛද්‍යව සහ සිවිල් අතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා අද (13) පැවසීය.


වෛද්‍ය චමල් සංජීව මහතා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.


ජාතික රෝහලේ රසායනාගාරය පිළිබඳව මෙම වසරේ ජූනි මස රජයේ විගණනය නිකුත් කළ විගණන විමසුමට අනුව පසුගිව වසර තුනේදී ජාතික රෝහලේ රසායනාගාර වෛද්‍ය සැපයුම් ඒකකයේ අනුමැතියෙන් තොරව ප්‍රාදේශීය මිලදීගත් රසායනික ප්‍රතික්‍රීයකවල වටිනාකම රුපියල් මිලියන 2500 කට වැඩි බවත් මෙම මිලදීගත් රසායනික ප්‍රතික්‍රීයකවලින් මිලියන 13 කට ආසන්න රසායනික ප්‍රතික්‍රීයක මේ වන විට කල්ඉකුත් වී ඇති බවත් ඒ මහතා කීය.


මෙම රසායනික ප්‍රතික්‍රීයකවමින් මිලියන 5 කට ආසන්න වටිනාකමින් යුත් ප්‍රතික්‍රීයක මිලදී ගන්නා විටත් කල්ඉකුත් වී තිබූ බවත් මිලියන 8 කට ආසන්න වටිනාකමින් යුත් ප්‍රතික්‍රීයක කොළඹ ජාතික රෝහලේ රසායනාගාරයට භාරගන්නා විට කල්ඉකුත්විමේ දිනය මාසයකට අඩු කාලයක් පැවැති බවත් ඒ මහතා පැවසීය.


පසුගිය වසරේ (2024) ඔක්තෝබර් මස සිට මෙම වසරේ අප්‍රේල් මස දක්වා කාලය තුළ මෙම බොහෝ ගණුදෙනු සිදුවී ඇතැයි විගණන විමසුමේ සඳහන්ව ඇති බව කී වෛද්‍ය චමල් සංජීව මහතා සමාගම්වලින් කල්ඉකුත් වූ රසායනික ප්‍රතික්‍රීයක මිලදීගැනීම්වලට අදාල ලේඛණ එම විගණන වාර්තාවේ පැහැදිළිව සඳහන්ව ඇති බව ද සඳහන් කළේය.


කෙහෙළිය රඹුක්වැල්ල කළ ගණුදෙනුව වැනි දහ පහළොස් ගුණයක ගණුදෙනුවක් කොළඹ ජාතික රෝහලේ රසායනාගාරය තුළ පමණක් එම විගණන විමසුමේ ඉතා පැහැදිළිව සඳහන්ව ඇති බවත් රසායනික උපකරණ 5 කට ආසන්න ප්‍රමාණයක් මෙසේ මිලදී ගෙන ඇති බවත් ඒ මහතා කීය.


කෙහෙළිය රඹුක්වැල්ල විද්ද වතුර හෝ ලුණු වතුරවලින් මියගියෝ හෝ රෝගී තත්වයන්ට පත්වුණේ හෝ අසාත්මිකතාවයන් හෝ සංකූලතාවයන්ට පත්වුණේ රෝගීන් 200 ක් 250 ක් පමණ රෝගීන් ප්‍රමාණයක් බවත් නමුත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වන රෝගීන් දසදහස් ගණනකට කල්ඉකුත් වූ රසායනික ප්‍රතික්‍රීයක යොදාගෙන පරීක්‍ෂණ වාර්තා නිකුත් කිරීම නිසා එම රෝගීන්ට නිවැරදි ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන්ට නොහැකි වූ බව පැහැදිළි බවත් ඔහු සඳහන් කළේය.


වැරදි රසායනාගාර ප්‍රතිඵල මත ප්‍රතිකාර ලබා සංකූලතා මතුවූ, මියගිය රෝගීන් ගණන කෙහෙළියගේ කාලයට වඩා වැඩිවියයුතු යැයි විශ්වාස කරන බවත් හෘදයාබායක් තියෙන රෝගියකුට හෘදයාබායක් නැතැයි වාර්තාවක් නිකුත් කළේ නම්, වකුගඩු රෝගයත් තිබෙන කෙනෙක්ට එවැනි තත්වයක් නැතැයි වාර්තාවක් ඉදිරිපත් කළේ නම් ඒ රෝගීන් නිවසට ගිය පසු මරණයට පත්වන බවත් ඔහු සඳහන් කළේය. 



අදහස් (2)

ජාතික රෝහල් රසායනාගාරයේ කෝටි ගණනක වංචාවක් ?

Gayan Jayasinghe Sunday, 13 July 2025 02:49 PM

මේක කෙහෙලියගේ සිද්ධිය එක්ක සන්සන්දනය කරන්න යන එකෙන් මේකෙ තියෙන ඇජෙන්ඩා එක ඕනෙ කෙනෙකුට තේරෙනවා.

:       2       12

විපරමා Sunday, 13 July 2025 04:29 PM

මාළිමා ආණ්ඩුවක් ඇති නොවුනානම්, හිටපු බලලෝබී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවන්ගේ සහ වටේම හිටපු හොර දූෂිතයින්ගේ කෙරුවවාල් දිගටම කරගෙන යන්න ඉඩ තිබුණා. රටම වළපල්ලට ගියත් අයට ප්‍රශ්නයක් නැතුවා. මාළිමා ආණ්ඩුවට සියලු ශක්තිය නිරතුරුවම ලැබේවා...!

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 396 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 958 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1342 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site