IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් CDBවෙත ඩොලර් මිලියන 30ක්

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ (DFC) ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා පසුගියදා කොළඹ නිල සංචාරයක නිරත වූ අතර එහිදී කාන්තා ව්‍යවසායකයන්, තිරසර මූල්‍යකරණය සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) සඳහා  සහයෝගය ලබාදීමේ අරමුණෙන් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය වෙත එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) විසින් ඩොලර් මිලියන 30 ක ණය මුදලක් නිවේදනය කළේය.

DFC හි ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් සහ CDB ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර යන මහත්වරු, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පැවති උත්සවයකදී එම ගිවිසුමට අත්සන් තැබූහ. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා  බලගැන්වීම උදෙසා  එක්සත් ජනපදයේ නිරන්තර කැපවීම ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ගාබ්‍රියෙල් ග්‍රවු යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

CDB ආයතනයේ ආයතනික ගමන්මග වෙනුවෙන් දක්වන කැපවීම මනාව පිළිබිඹු කරමින් එම ආයතනයට මෙවැනි කැපීපෙනෙන මූල්‍ය පහසුකමක් හිමි වූයේ ප්‍රථම වරටය. මෙරට ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද, අරමුදල් සම්පාදනය කරන ආයතන විසින් CDB ආයතනය කෙරෙහි තබා ඇති විශ්වාසයට සහ එම ආයතනය ස්ථාවරත්වය, පාලනය සහ තිරසාරත්වය වෙනුවෙන් දක්වන කැපවීමට මෙම ණය පහසුකම මනා සාක්ෂ්‍ය සපයයි.

“DFC යනු, කුඩා පරිමාණ ව්‍යාපාර සහ කාන්තා ව්‍යවසායකයන්ට තිරසර මූල්‍යයන පහසුකම් සපයන මූල්‍ය සංස්ථාවකි. CDB ආයතනය විශිෂ්ට හවුල්කරුවකු වන අතර, අපගේ සහයෝගය මගින්, ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව වැඩිදියුණුකර ගැනීමටත්, දේශගුණික විපර්යාසවලට මුහුණ දීම ප්‍රවර්ධනය කිරීමටත් හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි,” යනුවෙන් DFC ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා සඳහන් කළේය.

595



අදහස් (0)

ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් CDBවෙත ඩොලර් මිලියන 30ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පච ආණ්ඩුව පරදන්න ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කරන්න සූදානම්
2025 මැයි මස 08 6 0

වත්මන් පච ආණ්ඩුව පරාජයට පත්කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්


නව සර්වේයර් ජනරාල් පත් කරයි
2025 මැයි මස 08 148 0

සර්වේයර් ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


කෝටියක ජංගම දුරකථන කටුනායකින් අල්ලයි
2025 මැයි මස 08 158 0

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කරමින් එම කොමිෂමේ අනුමැතියෙන් තොරව , රුපියල් කෝටියක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස ම


‘මුහුණු පොතෙන්‘ හඳුනා දේපොළ කොල්ල කෑ කතක් ඇතුළු 4ක් මාට්ටුු
2025 මැයි මස 08 178 0

’මුහුණු පොත’ හරහා පිරිමි පුද්ගලයන් හඳුනා ගෙන ’වට්ස්ඇප්’ සහ ’මැසෙන්ජර්’ හරහා කතා බස් කරමින් ව්‍යාජ ප්‍රේම සබඳතාවයන් ගොඩනඟා ,එම පුද්ගලයන් මිහින්තලයේ


රනිල් අවුරුදු තුනට රට සවාරි 23ක් ගිහින්
2025 මැයි මස 08 289 4

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 සිට 2024 දක්වා වසර තුනක කාලයේදී විදේශ සංචාර විසිතුනකට සහභාගිවී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය


විදුලි බිල ඉහළ දාන්නේ නෑ
2025 මැයි මස 08 426 1

විදුලි බිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1134 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 285 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1323 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site