IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ජනතාව හිඟමනට වැටෙන තරමට බදු ගහලා - ගයන්ත දෙහිවත්ත

(යොහාන් භාසුර)

ජනතාව හිඟමනට වැටෙන තරමට බදු ගසා, මැරී වැටෙනකන් පහසුකම් කප්පාදු කර දියුණු වු ලෝකයේ කිසිදු රටක් නොමැති බව ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා පැවසීය.

‘ප්‍රගතිශීලි ආණ්ඩුවේ වැඩපිළිවෙල රනිල්ගේද?’ යන මැයෙන් විකල්ප මග සංවිධානය ජාඇල ප්‍රදේශයේ පසුගියදා පැවැත්වූ සම්මන්ත්‍රනයකදී ගයන්ත දෙහිවත්ත මහතා එසේ පැවසීය.v වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති වැරදි බදු ප්‍රතිපත්තිය නිසා රජයටත් පාලනය කරගත නොහැකි බලසම්පන්න නව ව්‍යාපාරික පන්තියක් රට තුළ බිහි වී ඇති බවත් රටේ විධායක ජනාධිපතිවරයාගේ මේසයට තට්ටුවක් දමා, තග දමා තම ව්‍යාපාරික අභිප්‍රායන් සපුරාගැනීමට තරම් ඇතැම් ව්‍යාපාරිකයන් ශක්තිමත් වී ඇති බවත් ඔහු සදහන් කළේය.

ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා වැඩි දුරටත් මෙසේ ද සඳහන් කළේය.

“රජය මහ පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසකට වසර 5 සිට 30 දක්වා බලපාන අයුරින් විශේෂිත බදු සහන දීලා තියෙනවා. ඒ අතරම කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට දරාගත නොහැකි අන්දමට බදු බර පටවා තියෙනවා. රජය මුදල් නැති අයගෙන් අරගෙන සල්ලි එකතු කර ගන්න ලැජ්ජාසීලි උත්සහයක නිරත වෙලා ඉන්න බව පැහදිලිව පෙන්නුම් කරනවා. මේ රජය යටතේ මුලු රාජ්‍ය යන්ත්‍රනයම මුලික වගකීම් දෙවනියට දමා අද සල්ලි එකතු කරගත හැකි ක්‍රියාමාර්ගවලට මුල්තැන දීල කටයුතු කරගෙන යනවා. ඒ බව රේගුව සහ ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන ආකාරයෙන් රටටම හුවා දක්වලා තියෙනවා.

 



අදහස් (3)

ජනතාව හිඟමනට වැටෙන තරමට බදු ගහලා - ගයන්ත දෙහිවත්ත

මොණරවිල. Sunday, 07 September 2025 06:55 PM

ඒක හින්දා වෙන්න ඕන මිනිස්සු කාර් ගන්ට පොර කකා පෝලිම් වල ඉන්නේ...

:       7       13

bbc Sunday, 07 September 2025 07:34 PM

කොහෙද හිටියේ...? රට බංකොලොත් වෙලා කුල්ල කුජීත වෙලා තියෙද්දී. ඉස්සර ණය අරගෙන,නොමිලේ රෝහල්, පාසැල් , විශ්වවිද්‍යාල තියාගෙන හිටිය කාලේ ඉවරයි. දැන් මිනිස්සු තමන්ට ලැබෙන දේ වලට ඔවුන්ගේ බද්ද ගෙවන්න ..ඕනේ ..

:       6       15

Dayan Sunday, 07 September 2025 08:29 PM

මෙයා හදේ ඉදලා ආපු කෙනෙක්ද?

:       7       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 509 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17137 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 688 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site