IMG-LOGO

2025 මැයි මස 31 වන සෙනසුරාදා


චීන වාණිජ ඇමති ජනපති හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

මෙරට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වං වෙන්ටාඕ (Wang Wentao) මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන සහ අර්ථික ස්ථාවරත්වය සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළ හමුවේ චීන ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව මෙහිදී සඳහන් කළ චීන අමාත්‍යවරයා ආයෝජකයන් 100කට වැඩි පිරිසක් සමඟ සිදු කෙරෙන මෙම සංචාරය තුළින් දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් තහවුරු වන බවද පැවසීය.

අභියෝගාත්මක සමයක දෙරටටම වාසි සහගත අයුරින් වෙළෙඳ සහ ආර්ථික අරමුණු ජය ගැනීමට එක්ව කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ගෝලීය ආර්ථික අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කැප වී කටයුතු කරන බවද චීන වාණිජ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය චීන සංචාරයේදී ඇති කරගත් එකඟතා ක්‍රියාවට නැංවීම චීන වාණිජ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණක් වන අතර චීන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල කටයුතු කඩිනමින් අවසන් කිරීම සහ සැලසුම් කර ඇති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.



අදහස් (1)

චීන වාණිජ ඇමති ජනපති හමු වෙයි

Bunny Preena Friday, 30 May 2025 08:57 AM

අයෝජකයින් දිරිගැන්වෙන විධියට බදු සහන ලබාදී කර්මාන්තශාලා ආරම්භ කිරීම සඳහා ඔවුන්ව දිරිගැන්වෙන වැඩපිළිවෙලක් ලබාදිය යුතුය. කාලයත් සමඟ කර්මාන්ත ශාලාවේ ප්‍රගතිය සහ දියුණුව සමඟ අවශ්‍යතාවය අනුව සාධාරණව ඔවුන්ට ඔරොත්තු දෙන විදියට බදු වැඩි කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් දෙපාර්ශවයටම දිගු ගමනක් යා හැකි වේවි

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 279 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 589 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site