(විමුක්ති එස් රුද්‍රිගු)
වසර හතකට පසුව චීනයේ සංචාරයක නිරත වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අස චීන ජනාධිපති ෂී ජින්පින් හමුවූ අතර එහිදී ඇමෙරිකානු තීරු බදු හමුවේ වෙළෙඳ සහ ආයෝජන සබඳතා තර කර ගැනීමට ඇති අවශ්‍යතාව දෙපාර්ශවයම පිළිගෙන ඇත.
චීනය සහ ඉන්දියාව අතර ගොඩනැගෙන සහයෝගීතාව සියලුම මිනිසුන්ගේ අභිවෘද්ධියට හේතුවනු ඇති බවත් ඉන්දියාව චීනය සමග සබඳතා තරකර ගනිමින් ඉදිරියට යාමට කැපවී සිටින බවත් ඉන්දීය අගමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබිණි.
අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ සංවේදීතාව මත පදනම්ව දෙරටේ සබඳතා ඉදිරියට යනු ඇති බවද ඔහු පවසා ඇත.
ගෝලීය දකුණේ සහයෝගීතාවය ප්‍රදර්ශනය කරමින්, රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් සහ මධ්‍යම, දකුණු සහ අග්නිදිග ආසියාවේ සහ මැද පෙරදිග අනෙකුත් නායකයින් සමඟ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ දෙදින රැස්වීමකට සහභාගී වීම සඳහා මෝදි වසර හතකට පසු පළමු වරට ඊයෙ චීනයට පැමිණියේය.
රුසියාවෙන් තෙල් මිලදී ගැනීම හේතුවෙන් ඉන්දීය අපනයන නිෂ්පාදන සඳහා ඇමෙරිකාව සියයට 50 ක තීරු බද්දක් පනවා දින 5කට පසුව දෙරටේ නායකයන් මෙලෙස හමුවී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
චීන - ඉන්දීය නායකයෝ හමුවෙති
Mahesh Monday, 01 September 2025 10:08 AM
ඇමරිකාවට අධෝමුඛේ දීලා කෙලවෙනකොට, චීනය හොයගෙන යනවා. හොඳ වැඩේ මෝඩිට . අල්ලපු ගෙදර නයා තරහා කරගෙන පිට එවුන්ට කරන්න ගියාට , ඔහොම වෙන්න ඕන.
Mahesh Monday, 01 September 2025 10:09 AM
ඇමෙරිකාවට අධෝමුඛේ දීලා කෙළවෙනකොට චීනය හොයාගෙන යනවා. හොද වැඩේ මෝදිට... අල්ලපු ගෙදර අයට කරන්න ගියාට... ඔහොම වෙන්න ඕනෑ.
අරවින්ද මොණරවිල Monday, 01 September 2025 10:53 AM
ලෝකයේ ප්‍රගතිශීලි රාජ්‍යයන් අද එකට එකතු වෙමින් පවතිනවා, ඒ පුටින් සහ සී ජින් පින් ගේ නායකත්වය යටතේ, එක දක්ෂිණංශික ප්‍රගතිගාමී රාජ්‍ය වල පැවැත්මට බලවත් අභියෝගයක් වනු ඇත.