(රෝෂන් තුෂාර)
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික්‍රමට හා කීර්ති රත්නායකට වාරණ නියෝගයක් නුගේගොඩ දිසා විනිසුරු ආර්.ඒ.එම්. රාජපක්ෂ මහතා අද නිකුත් කළේය.
ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් චමුදිත සමරවික්‍රම හා කීර්ති රත්නායක වග උත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කළේය.
වග උත්තරකරුවන් දෙදෙනා දෙදෙනා විසින් සම්මුඛ සාකච්ජාවක් පවත්වා සමාජ මාධ්‍ය ජාලය (Truth with Chamuditha) ඔස්සේ මුද හැරීම මගින් සිදු කර ඇති අපහාසය සහ අවමානය හේතුවෙන් සිදුවූ අගතියට රුපියල් මිලියන 1,000ක වන්දි මුදලක් ඉල්ලා මෙම නඩුව ගොනුකොට ඇත.
චමුදිත සමරවික්‍රම විසින් කීර්ති රත්නායක සමඟ 2025.04.30 වන දින හෝ ඊට ආසන්න දිනක දී සම්මුඛ සාකච්ඡාවක් පවත්වා එය පළමු විත්තිකරුට අයත් ඔහු විසින් පවත්වා ගෙන යන Truth with Chamuditha නමැති සමාජ මාධ්‍ය නාලිකාවේ විකාශනය කළ බවත්, එම සාකච්ඡාව පැමිණිලිකරුට චෝදනා කිරීමට හා අපහාස කිරීමට යොදාගෙන ඇති බවත්, පැමිණිලිකරු සහ ඔහුගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ යන අය නීති විරෝධී ලෙස දූෂණ සහ අපරාධ සිදු කරන්නන් බව පෙන්වීම සඳහා චේතනාන්විතව සහ දැඩි අපහාසාත්මකව අවලාද කළ බවත් පැමිණිලිකරු ප්‍රකාශ කර ඇත.
විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ ජයමුදිතා ජයසූරිය මහතමියගේ උපදෙස් මත හරීෂ් රත්නසූරිය, හර්ෂ ලියනගේ, සුරාජ් වල්ගම, දසුන් නාගස්හේන යන නීතීඥ මහත්වරුන් සමඟ ජනාධිපති නීතීඥ ඉක්රාම් මොහමඩ් මහතා පෙනී සිටියේය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
චමුදිතට - කීර්තිට වාරණයක්