
චීන සත්වෝද්‍යානයක, පැන්ඩන් වෙනුවට, පැන්ඩන් මෙන් සුදු සහ කළුවලින් වර්ණ ගැන්වූ ‘චොව් චොව්’ වර්ගයේ බල්ලන් දෙදෙනකු ප්‍රදර්ශනය කර තිබේ.
සත්වෝද්‍යාන බලධාරීන්, වර්ණ ගැන්වූ මෙම බල්ලන් නම් කර තිබුණේ ‘පැන්ඩා බල්ලන්’ යනුවෙනි. පසුගිය මැයි පළමු වැනිදා, නිවාඩු දිනයේ, සත්වෝද්‍යානයට වැඩියෙන් නරඹන්නන් ගෙන්වා ගැනීමේ අරමුණින් ‘පැන්ඩා බල්ලන්’ ප්‍රදර්ශනය සිදු කළ බව ද පැවැසෙයි.
කෙසේ නමුත් පැන්ඩන් ලෙස වර්ණ ගන්වමින් බල්ලන් පදර්ශනය කිරීම සම්බන්ධයෙන් සත්වෝද්‍යානයේ බලධාරීන්ට දොස් ඇසීමට සිදුවිය.
ඊට හේතුව බොහෝ දෙනා සත්වෝද්‍යානයට පැමිණ ඇත්තේ නව පැන්ඩන් වර්ගයක් සත්වෝද්‍යානයේ සිටිනවා යැයි සිතමිනි. ඔවුන් පැන්ඩන් නොව බල්ලන් යැයි දැනගත් විට සමාජ මාධ්‍ය ඔස්සේ ද සත්වෝද්‍යාන බලධාරීන්ට දැඩි විරෝධයක් එල්ල විය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd