(රෝෂන් තුෂාර)
වෙරි වී එමිරේට් ගුවන් සේවිකාවකාවකට ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි කියන නෞකාවක කපිතාන්වරයකු ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය.
ගුවන්තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යාපනයේ පදිංචි කනකසභාපති කුෂාන්තන් නමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ගුවන්තොටුපල පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සැකකරු ඩුබායි සිට පැමිණීමේදී අප‍්‍රිකානු සම්භවයක් ඇති පැමිණිලිකාර එමිරේට් ගුවන් සේවිකාවගේ ශරීරය තදින් ස්පර්ශ කර ලිංගික අඩත්තේට්ටම් කර ඇතැයිද ජාත්‍යන්තරව අපකීර්තියක් ගෙනදෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත‍්‍රාත්වරිය පැමිණල්ල යළි කැඳවන ලබන 05 වැනිදා විමර්ශන ප‍්‍රගතිය ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ගුවන් සේවිකාට ලිංගික අඩත්තේට්ටම් කළ නාවික කපිතාන් රිමාන්ඩ්
J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේ Thursday, 29 May 2025 09:56 PM
ලංකාවට ගෞරවයක් ගෙනදුන් මෙතුමා නාමල් තුමාගේ ආසන සංවිධායක ධුරයකට පත්කරමු.