IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ගාසා රෝහල්වලට ඊශ්‍රායලය පහර දෙයි

ගාසා තීරයේ අල් ෂිෆියා රෝහලටත්, අල් අස්කා රෝහලටත් ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැසුවේ, තමන්ට ලැබුණු වාර්තා අනුව, එම ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.

අල් ෂෆියා රෝහලට එල්ල කළ ප්‍රහාරවලින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීහු 21 දෙනෙක් මියගියහ. ඊට අමතරව, රෝහලේ රැඳී සිටි පලස්තීන මාධ්‍යවේදීන් සිවු දෙනෙකු ද මියගිය බව පැවැසෙයි.

අල් අස්කා රෝහලට එල්ල වුණු ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාරවලින් මියගිය රෝගීන් ගණන 4 කි. ඊශ්‍රායලය මෙම රෝහල්වලට පහර දී ඇත්තේ, ඒවායේ හමාස් සටන්කාමීන් රැඳී සිටින බව පවසමිනි. එම ප්‍රහාරයෙන් රෝහලේ සිටි මාධ්‍යවේදීන් 7 දෙනකු තුවාල ලැබූ ද වාර්තා විය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

ගාසා රෝහල්වලට ඊශ්‍රායලය පහර දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site