IMG-LOGO

ගල්කිස්සේ වෙඩික්කරු අල්ලයි

 

(එච්.එම්.ධර්මපාල )

ගල්කිස්ස වෙරළපාර අසලදී  තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු  ඊයේ (18) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

‍මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් හමුදාවෙන් පලාගිය සෙබළෙකු බවද කියයි.

ඔහුට මෙම කොන්ත්‍රාත්තුව බඩෝවිට අසංග නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් සැන්ඩෝ යන ජාවාරම් කරු හරහා රුපියල්  ලක්ෂ දහයකට පොරොන්දුවක් මත ලබා දී  ඇත.

සැකකරු ඉන් රුපියල් ලක්ෂ පහක් මූලිකව ලබාගත් බවට ඔහු ප්‍රකාශ ලබා දී ඇතැයිද  පොලීසිය කියයි.

සිද්ධිය වූ දින ත්‍රීරෝද රථයක සිට ඔත්තු බැලූ  දෙදෙනකු සමඟ ත්‍රීරෝද රථයද, ඝාතකයා රැගෙන ගිය යතුරු පැදියද කොටස් කර තිබියදී පැදිකරු සමඟ  පන්නිපිටියදී අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයට අනුව සී.සී.ටී.වී.දර්ශන ඔස්සේ විමර්ශනය කර මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (1)

ගල්කිස්සේ වෙඩික්කරු අල්ලයි

ජිල්බු Monday, 19 May 2025 09:20 AM

සීසීටීවී තිබුණේ පැදිකරු ළඟ. ඒක හොඳට ගියා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 266 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 136 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1773 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site