IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


ගමේ පාසල් දෙකකට ජනපති කාර්යාලයෙන් පැළ තෑගි

(අංජුල මහික වීරරත්න)

බෝපිටිය පමුණුගම මහා විද්‍යාලයේ සහ මාවනැල්ල සහිරා යන විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (05) පැමිණියහ.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සමඟ එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව එම විදුහල්වලට මෙම අවස්ථාව හිමි වී තිබේ.

මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැරැණි පාර්ලිමේන්තුව නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳ දැනුම්වත් කිරීමද සිදු කෙරිණි.

මේ අතර අදට යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් එම පාසල් වෙත පළතුරු සහ ඖෂධ පැළ බෙදා දීමද මෙහිදී සිදු විය.

ජගත් පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් පොල් පැළ 20,000ක් පාසල් වෙත බෙදා දීමේ වැඩසටහනද මීට සමගාමීව ආරම්භ කෙරිණි.

ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි පාසල් සිසු සිසුවියන් ජගත් පරිසර දින ප්‍රතිඥාව ලබාදීම සහ පරිසර ගීතය ගායනා කිරීම සිදු කරනු ලැබීය.



අදහස් (1)

ගමේ පාසල් දෙකකට ජනපති කාර්යාලයෙන් පැළ තෑගි

PGPTHILAK Thursday, 05 June 2025 06:12 PM

මෙහෙමත් විහිළු! රටේ අගනුවර රටේ නායකයාගේ කාර්යාලයෙන් ඉහළම පරිපාලන නිලධාරියා ඈත පිහිටි පාසැල් වල හිටවන්න පැල බෙදා දෙන්න ටයි කෝට් දමා ගෙන සිය ගණනක උත්සවයක් මෙතරම් වියදම් දරමින් තියන්න ලැජ්ජා නැද්ද? මේවා. පාසැල් වල සිසුන් ගුරුවරුන් දෙමාපියන් ප්‍රාදේශීය මට්ටමින් වාර්ෂිකව හෝ කාලීනව කල යුතු සාමාන්‍ය වැඩ නෙවෙයි ද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 289 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 299 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 458 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site