
(මොහොමඩ් ආසික් සහ ධම්මික ගුණවර්ධන)
මහනුවර පන්විල රාක්ෂාව වතු යායේ පිහිටි තේ කර්මාන්ත ශාලාවක අද 26 වනදා සවස ඇති වූ ගින්නකින් තේ කම්හලේ කොටසක් එහි තිබූ තේ කුඩු මෙන්ම යන්ත්‍ර සූත්‍රද සමඟ සම්පූර්ණයෙන් පිළිස්සී ගොස් තිබේ.
මෙම ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාවේ සකස් කර තිබූ තේ කුඩු විශාල ප්‍රමාණයක්ද විනාශ වී ඇති අතර යන්ත්‍ර සූත්‍රවලට මෙන්ම ගොඩනැගිල්ලටද දැඩි ලෙස හානි සිදුව තිබේ.
මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, පන්විල පොලීසිය පන්විල ප්‍රාදේශිය සභාව සහ ප්‍රදේශයේ ජනතාව මෙන්ම කම්හලේ සේවකයන්ද එක්ව සවස් වරුවේම ගින්න පාලනය කිරිමට පියවර ගත්තද ඒ වන විටත් කම්හලට විශාල අලාභයක් සිදුව තිබිණ. මෙම ගින්න හේතුවෙන් කම්හලට සිදුව ඇති අලාභය තවමත් තක්සේරු කර නොමැති වුවද එය විශාල ප්‍රමාණයක් විය හැකි බව විශ්වාස කෙරේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියන් හමුදාව යුක්රේනයට ගහපු මිසයිලයක් වැරදිලා මේ පැත්තට ආවා වෙන්න බැරිද? අනේ, පුටින් මහත්තයෝ කැමති නම් අපේ රටත් යටත් කරගන්න. එතකොට අපේ රට පාලනය කරන්නේ නියම ඔර්ජිනල් පුටින් කියලා අපට හිත හදාගෙන ජීවත් වෙන්න පුළුවන්. අනේ මන්දා ඉතින් යුක්රේන ජාතිකයින්ට නෑදෑකම් කියලා තමන්ගේ කරගන්න හැදුවාට, මේ වගේ පඩත්තර ජාතියක් වැද්ද ගන්න ඔබතුමා අකමැති ඇති නේද? පුදුමේ කියන්නේ, රුසියාවේ ජනතාවටත් වඩා, මේ ලංකාවේ පිම්පියෝ ඔබතුමාට හරිම ආදරෙයිනේ..?
රක්ෂණයෙන්වත් පාඩු මකාගන්න තියෙන වෙලාවක් මේක...