IMG-LOGO

කොළඹ ජාතික රෝහලට අධ්‍යක්‍ෂවරයෙක් නෑ

(යොහාන් භාසුර)

මෙරට විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ තනතුර පුරප්පාඩු වී මාස දෙකක පමණ කාලයක් ගතවී තිබුණ ද එම පුරප්පාඩුව පිරවීමට දේශපාලන අධිකාරීය අසමත්වීමෙන් ගැටලුකාරී තත්වයක් උද්ගතවී ඇති බව එම රෝහලේ වෛද්‍යවරු පවසති.

එම රෝහලේ හිටපු අධ්‍යක්‍ෂවරයා උසස්වීමක් ලබා සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස පත්වී මාස දෙක්ක පමණ වන බවත් එතැන් සිට රාගම රෝහලේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂවරයෙක් කොළඹ ජාතික රෝහලේ වැඩ ආවරණය කිරීමට යොදවා ඇති බවත් වෛද්‍යවරු කියති.

වෛද්‍යවරු 1500 සහ විශේෂඥ වෛද්‍යවරු 200 ක් ඇතුළු සෞඛ්‍ය සේවකයන් 25,000 ක් පමණ සේවය කරන එම රෝහලේ අධ්‍යක්‍ෂ ධූරයේ වැඩ ආවරණය කිරීමට පමණක් නිලධාරියකු යෙදවීමෙන් ඇතැම් ඒකකවල ගැටලුකාරී තත්වයන් උද්ගතවී ඇති බවත් එසේ අධ්‍යක්‍ෂ ධූරයේ වැඩබැලීමට නිලධාරියෙක් නිර්දේශ කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් වියහැකි බවත් වෛද්‍යවරු සඳහන් කරති.

කොළඹ ජාතික රෝහලට අධ්‍යක්‍ෂවරයෙක් පත්කිරීමට අයදුම්පත් කැඳවීමට හෝ සෞඛ්‍ය බලධාරීන්ගේ කිසිඳු සූදානමක් නොමැති බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය සේවා අංක 2 තනතුර ද අධිකරණ කටයුත්තක් හේතුවෙන් වසර හතරකින් සම්පූර්ණ කර නොමැති බවත් වෛද්‍යවරු පවසති.

චිකුන් ගුන්යා, ඩෙංගු සහ කොවිඩ් නැවත හිස එසවමින් තිබෙන වර්තමානයේ කොළඹ ජාතික රෝහල් පරිපාලනය දුර්වල තත්වයක පැවතුණ හොත් ජනතාව දැඩි අවදානම් තත්වයකට පත්වන බවත් මලිමා ආණ්ඩුවක් යටතේ සෞඛ්‍ය පරිපාලනය මෙවන් තත්වයකට වැටීම කණගාටුදායක බවත් වෛද්‍යවරු වැඩි දුරටත් සඳහන් කරති.  



අදහස් (3)

කොළඹ ජාතික රෝහලට අධ්‍යක්‍ෂවරයෙක් නෑ

ජිල්බු Sunday, 25 May 2025 03:27 PM

ලංකාවේ ඉන්න ලොකුම ලෙඩ්ඩු තමයි දොස්තරලා. නහයෙන් අඬන්නැති දවසක් නෑ...

:       6       13

pj Sunday, 25 May 2025 03:57 PM

මේක මේ 2024 ආණ්ඩුවේ නිසි කළමනාකරනයක් නොමැති නිසාවෙන් සිදුවුවක්. අපි බලයට ආ විගස ඒය විසදිමට කටයුතු කළා. මේ ප්‍රොසෙස් ඒකට මාස 9ක් යනවා. තාම 7 යි නේ.

:       3       11

saman Sunday, 25 May 2025 05:29 PM

අර කොළඹ උපකුලපති තේරුවා වගේ ඔය ජවිපෙ වේදිකාවේ හිටපු කෙනෙක්වම මේකටත් පත්කරමු...

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 97 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 493 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site