(පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කල උප පොලිස් පරීක්ෂකවරයෙකු තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අද (14) අත්අඩංගුවට ගනු ලැබීය.
තංගල්ල මූලස්ථාන පොලිසියේ සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචනයෙන් බැන වැදී ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීම සම්බන්ධව එම නිළධාරිණිය විසින් ඉකුත් 12 දා ළමා හා කාන්තා කාර්යාංශයට කල පැමිණිල්ලක් අනුව උප පොලිස් පරීක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය.
සිද්ධිය පිළිබඳව කාන්තා පොලිස් කොස්තාපල් වරිය තංගල්ල සහකාර පොලිස් අධිකාරි වරයා වෙතද පැමිණිලි කර තිබේ.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හෙට (15) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කොස්තාපල්වරියකට අසැබි වචනයෙන් බැන්නැයි SI අත්අඩංගුවට