(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කිඹුලන් බහුලව සිටින ගඟකට පැන්න දඩාවතේ යන බල්ලකුගේ ජීවිතය එම ගඟේ සිටි කිඹුලන් දෙදෙනකු බේරා ඇතැයි සී.බී.එස් පුවත් සේවය වාර්තා කර ඇත.
හඹා ආ බලු රංචුවෙන් බේරීම සඳහා එම දඩාවතේ යන බලු තඩියා ප්‍රදේශයේ තිබෙන කිඹුලන් බහුල සාවිත්‍රි ගංගාවට පැන තිබේ. එහිදී කිඹුලන් තුන්දෙනකු බලු තඩියාව වටකරගත් බවත් එම මොහොත බල්ලාගේ ජිවිතයේ අවසන් මොහොත යැයි සෑම දෙනාම විශ්වාස කළ බවත් වසර ගණනක සිට කිඹුලන් අධ්‍යනය කරනු ලබන විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත.
නමුත් බලු තඩියාට ළං වූ කිඹුලන් තිදෙනාගෙන් දෙදනකු කළ දෙය කිසිවකුටත් අදහාගත නොහැකි වූ බවත් කිඹුලන් දෙදෙනා බලු තඩියාව ආහාරයට ගන්නවා වෙනුවට කිඹුලන් දෙදෙනාගේ නාසයෙන් බලු තඩියාව ආරක්ෂිතව ගං ඉවුර වෙත තල්ලු කර ගෙන ගොස් ගොඩ කළ බවත් විද්‍යාඥයන් පවසා තිබේ.
එම කිඹුලන් දෙදෙනා බලු රංචුව නොමැති ස්ථානයකින් බලු තඩියාව ගොඩ කර තිබීම තවත් විශේෂත්වයක් බවත් කිඹුලන්ටද අනුකම්පාවක් තිබෙන බව පෙන්වීමට මෙය කදිම උදාහරණයක් බවත් විද්‍යාඥයන් පෙන්වා දී ඇත.එසේ වුවත් කිඹුලන් දෙදෙනා බලු තඩියාව ආහාරයට නොගැනීම බොහෝ විද්‍යාඥයන්ට ප්‍රශ්නාර්ථයක් වී තිබේ.
මෙම සිදුවීම පිළිබඳ ලිපියක් ත්‍රෙට්න් ටැක්සා සඟරාවේ පළවී ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බව ගුවන් හමුදා ආරංචිමාර්ග කියයි .
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ
ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කිඹුලාගේ බලු සෙනෙහස
චමින්ද Sunday, 01 October 2023 08:58 AM
මිනිසුන්ට වඩා හැඟීම්දැ, දැනීම් තියෙනවා. ඒ බල්ලා මරණ බයෙන් ඉන්නවා කියලා කිඹුල්ලු තේරුම් ගන්න ඇති. සාමාන්‍යයෙන් කිඹුල්ලු ආහාරයක් ගන්නෙ ක්ෂණිකව කඩාපැනලා මිස ළගට වැටුණු දෙයක් නොවෙයි නේද? ඒකත් මෙයට බලපාන්න ඇති... මිනිස්සු නම් ළඟින්ම සිට මුදල්වාසි තකා හොඳම මිතුරාගේ වුණත් බෙල්ල කපනවා.
ලසන්ත Sunday, 01 October 2023 09:49 AM
තමන්ටම දෂ්ට කරගන්ට නාගයා සිටි මල්ලට අතදැමූ හාමුදුරුවන්ව මතක් වුණා. කර්මය, කර්ම ඵල අචින්ත්‍යයි.
Imbuldeniya. Sunday, 01 October 2023 11:00 AM
මිනිසුන් අතරේ නොමැති සෙනෙහස සතුන් ළඟ තිබීම සතුටක්...!
Dilu Sunday, 01 October 2023 05:14 PM
කිඹුලන් ඒ වෙලාවේ, මොනවා හරි ගොදුරු කරගෙන බඩ පුරවාගෙන ඉන්න ඇති, ඉතින් ඒ වෙලාවේ ඒ ගොදුර එයාලාට අවශ්‍ය නැහැ. අනික කිඹුලන්ගේ තරම දැනගෙන එයාලා ළඟටම ගොදුරක් ආවහම, කිඹුලන්ටත් කුතුහලයක් දැනෙන්න ඇති, කිඹුලන් ගොදුරු හොයන් යනවා මිසක් ගොදුරු, කිඹුලන් හොයාගෙන එන්නේ නැතිනිසා, ඒ නිසා බල්ලා බේරුණා...
Ruwan RWednesday, 18 October 2023 11:14 AM
මනුස්සයෙක් පැන්න නම්.. ඩිලු කියන විදිහටම කරවි..
Anonymous Sunday, 01 October 2023 07:51 PM
පෙර ආත්මගත බැඳීමක් නිසා සිදුවුණු දෙයක්...!
Bunny Preena Monday, 02 October 2023 11:44 AM
හොඳ සිල්වත් ගතිගුණ ඇති කිඹුලන් තිදෙනෙක්... බල්ලත් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ...
ප්‍රියන්ත බංඩාර Monday, 02 October 2023 01:10 PM
කිඹුල්ලු, ගංජා ගහලා ඉඳලා තියෙන්නේ..