(යොහාන් භාසුර)
කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ අයිතිය තුළ පදිංචි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකළ කොට්ටාව, මාලපල්ල, පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය නිල වශයෙන් ජනතා අයිතියට පත්කිරීම සහ නිවාසවලට අදාල හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීම අද (6) පැවැත්විණි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ඉඩම් සහ නිවාස අහිමි වූ පවුල් ඒකක 116 ක් සඳහා හිමිකම් පත්‍ර ලබාදීම සිදුකෙරිණ.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකළ මෙම නිවාස සංකීර්ණය මහල් 12 කින්, නිවාස ඒකක 120 කින් සමන්විත අතර හඑම නිවාස සකීර්ණය ඉදිකිරීම් රුපියල් මිලියන 2,175 ක් වැයවිය.
එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙසේ පැවසීය.
“නාගරික හා ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනයට රජය ප්‍රමුඛතාවය ලබාදී තිබෙනවා. පොදු මගී ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීමට අදාල රජයේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව කෙරෙමින් පවතිනවා. දීර්ඝ කාලයක් පිළිවෙලක් නැතුව ගමන් කළ අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය නිසි මාර්ගයට ගැනීමට සියලු දෙනාගේ කැපවීම අවශ්‍යයි. සංවර්ධනයේ දී කිසිදු බේදයක් නැතිව සමානාත්මතාවයෙන් කටයුතු කරන පුරවැසි රජයක් අද තිබෙනවා” යැයි පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කැළණිවැලි දුම්රිය මාර්ගය අසල අනවසර පදිංචිකරුවන්ට ගෙවල්
swene Friday, 06 June 2025 08:57 PM
එක්කෝ ඔය අයම නැත්නම් තවත් කවුරු හරි රජයේ ඉඩම් වල දේශපාලන හයියද අරගෙන ගෙවල් අටවාවි. ඕවාට ජනතා බදු මුදලින් දිගටම සැලකිය යුතුද ? පාරවල් අයිනේ අටවනවා. කඩ කෑලි ගහනවා. අන්තිමේදී, ඒවා වෙනත් අයට කුලියටත් දෙනවා, වෙළඳාම් වලට.
ගුණරත්න Friday, 06 June 2025 10:40 PM
මේවා නිකම්ම දුන්නොත් තව අය පැල් අටවාගෙන ගෙවල් ගනීවි, අඩුම ගානේ බදු කුලියක් හරි අයකරන්න ඕනෑ...