IMG-LOGO

කැබ් රිය පෙරැළෙයි :දෙන්නෙක් රෝහලේ

(රංජිත් රාජපක්ෂ)                   

අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තට පෙරැලීමෙන් එම කැබ් රථයේ රියදුරා සහ කැබ් රථයේ ගමන් ගත් අයෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලිසිය පැවසීය.

අද (16) දින අලුයම 4:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේදීය.

හැටන් ප්‍රදේශයේ ජනපද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවල අලිගැටපේර මිලදී ගෙන එය අලෙවි කිරිම සදහා කොළඹ දක්වා ප්‍රවාහනය කරන අතරතුර, ධාවනය වෙමින් තිබූ කැබ් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වු බව අනතුර පිලිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේය.

කැබ් රථය අනතුරට පත්වන අවස්ථාවේ කැබ් රථයේ සිව් දෙනෙකු ගමන් කර තිබේ.



අදහස් (0)

කැබ් රිය පෙරැළෙයි :දෙන්නෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 50 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1600 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1714 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site