
(උපාලි ආනන්ද)
කලාඔය පිටාර ගලද්දී මගීන් 68 දෙනකුගේ ජීවිත අවධානමකට දමා කලාඔය පාලමින් බස් රථය ධාවනය කළ බව කියන එම බස් රථයේ රියැදුරා යළි මෙම මස 21 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නොච්චියාගම මහේස්ත‍්‍රාත් පී ආර් අයි ජමීල් මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඞ් බාරයට පත් කළේ සාලියවැව ඉහල පුලියන්කුලම බලගොල්ලාගම නුග ලියද්දේ ගෙදර ධනුෂ්ක කුමාරසිංහ නැමති බස් රථයේ රියදුරුය.
පුල්මුඩේ සිට කොළඹ දක්වා මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68 දෙනෙකු රගෙන ධාවනය වූ පෞද්ගලික බස් රථය පොලිස් නිලධාරීන්ගේ අවවාද සහ මහ ජනතාවගේ ඉල්ලීම් නොතකමින් පිටාර ගලමින් තිබූ කළාඔය පාලම මතින් ධාවනය කර බස් රථය සැඩ පහරට ගසා ගෙන යෑමට ඉඩ සළස්වා බස් රථයේ සිටි මගීන් දෙදෙනකු මරණයට පත් කර තවත් මගීන් 66 දෙනෙකුගේ ජීවිත අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනය පොලිසිය සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කර සිටියේය.
නොච්චියාගම මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ රාජාංගනය පොලිසිය මගින් පවත්වා ගෙන යනු ලබන බී 1537/2025 අංක දරණ මෙම නීති කෘත්‍ය කඳවු අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි තඔුත්තේගම සහකාර පොලිස් අධිකාරිවරයා පැවසුවේ මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ සැකකාර රියදුරාට එරෙහිව මෙම නඩුව පැමිණිල්ල විසින් පවත්වා ගෙන යාමට තීරණය කර ඇති බවයි
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් දීර්ඝව කරුණුු දක්වමින් අධිකරණයට කියා සිටියේ මෙම සිද්ධි දාමයට අදාළ කිසිවෙක් මෙම අනතුර වන අවස්ථාවේ බස් රථයේ සිටි මගීන්ගේ ජීවිතවලට හානි කිරීමේ හෝ ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමේ චිතානාවකින් සිදුව නොමැති බවයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලමොට්ටල නාහෙට අහන්නේ නැති බස් රියැදුරන්ට ආදර්ශයක් වෙන්න ඔය මිනිහ වසර දහයකට සිරගත කරන්න..