( තිලකරත්න දිසානායක)
මත් කුඩු සන්තකයෙහි තබා ගෙන සිටි 20 හැවිරිදි එක් දරු මවක් ඇතුළු නව දෙනෙකු ගණේමුල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව ගම්පහ සුරා බදු කාර්යාලය සඳහන් කරයි.
ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ඇතුළු පිරිස කණ්ඩායමක් ලෙස සංවිධානය වී හෙරොයින් ජාවාරම සිදු කොට ඇති බව අනාවරණය වී ඇති බවත් මොවුන් අවුරුදු 18 - 22 අතර වයසේ පසුවන්නවුන් බවත් ගම්පහ සුරා බදු කාර්යාලයේ ස්ථානාධිපති එම්.එස්.පී ද කොස්තා මහතා පැවසීය.
මත් කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින මොවුන් කොළඹ , බොරැල්ල ප්‍රදේශයෙන් හෙරොයින් රැගෙන විත් බෙදාහැරීම් සිදු කොට ඇති බවද අනාවරණය වී තිබේ.
සහකාර සුරාබදු කොමසාරිස් ආර්.එම්.පී. ධර්මකීර්ති මහතාගේ උපදෙස් පරිදි ගම්පහ සුරාබදු අධිකාරි ලක්ෂ්මන් කැටගොඩ මහතාගේ අධීක්ෂණය මත ස්ථානාධිපති එම්.එස්.පී. ද කොස්තා මහතාගේ මෙහෙයවීම යටතේ සුරා බදු පරීක්ෂක ලොකුබාලසූරිය , සැරයන් ධම්මික, කෝප්‍රල් වරුන් වන වික්‍රමරත්න, මාරසිංහ රියදුරු රුවන්පුර යන නිලධාරීන් විසින් මොවුන් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සහ සැකකාරිය මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කුඩු සමඟ විසි හැවිරිදි කතක් ඇතුළු 9 ක් අත්අඩංගුවට