
(ආරියදාස කොඩිතුවක්කු සහ චන්ද්‍රෙස්න ගමගේ)
තංගල්ල, නාකුළුගමුව ඉහළගොඩ ප්‍රදේශයේදි රුපියල් කෝටි හතර හමාරක් පමණ වටිනාකමෙන් යුක්ත වාහන තුනකින් ගිය පස් දෙනකුට අයත් වාහන තුනක් ගිනි ගෙන විනාශ වී ඇති බව තංගල්ල මූළස්ථාන පොලිසිය පවසයි.
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ කාර් රථයක්, රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ටොයෝටා වර්ගයේ වෑන් රථ දෙකක් ද ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය පවසයි.
නාකුළුගමුව ඉහළගොඩ කන්ද පාමුල වාහන තුන නවතා තිබියදී ගිණිගෙන විනාශ වී ඇති බව පොලිසිය පවසයි.
මාතර ගිනි නිවන ඒකකය සහ නාකුළුගමුව ඉහළගොඩ ජනතාව එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළත් ඒ ඒ වන විට රථ තුනම ගින්නෙන් විනාශ වී තිබූ බවත් පෙලිසිය පවසයි. රථවාහන තුනෙහි හිමිකරුවන් රන්න ප්‍රදේශයේ පදිංචි හිමිකරුවන්ය.
මේ සිද්ධිය තංගල්ල මූළස්ථාන පොලිසියට පැමිණිළිකර තිබේ. රජයේ මෝටර් රථ කොමසාරිස්වරයා ගෙන්වා ගින්න පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
(ඡායාරූප: චන්ද්‍රෙස්න ගමගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවතා තිබෙන වාහන තුනක් එකපාරටම ගිනි ගන්නේ නැතිබව ඕනෑම කෙනෙක් දන්නවා...
මේ අය මොකටද ඔතැනට ගියේ...? මොකක් හරි හොර වැඩකට තමයි...!
ජාතිවාදය අවුස්සන්නයි යන්නේ...!