
ගාසා තීරයට දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හමුවේ, ඊශ්‍රායලයට හිමිවන ගෝලීය සහාය දිනෙන් දින අඩුවන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඇමෙරිකා ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ, ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය බව අවධාරණය කිරීමේ ‘නොබැඳි’ යෝජනාව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත කර ගැනීමත් සමඟය.
‘නොබැඳි’ යෝජනාව සම්මත වූයේ රටවල් 153 ක් ඊට ඡන්දය ලබා දෙමිනි. යෝජනාවට රටවල් 23 ක් විරුද්ධ වූ අතර, ඇමෙරිකාව ද ඒ අතර සිටී. ඇමෙරිකාව කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දෙයි.
ඒ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට අයිතියක් ඇතැයි පෙන්වා දෙමිනි. එසේ වුවත්, ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය බව, ඇමෙරිකාව දිගින් දිගටම අවධාරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd