
ඊශ්‍රායල හමුදා ඩ්‍රෝන ප්‍රහාරයකින් සිය මාධ්‍ය ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට අල්ජසීරා මාධ්‍ය ආයතනය තීරණය කර ඇත.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ගාසා තීරයේ උන්හිටිතැන් අහිමි වූ පලස්තීනුවන් රැදී සිටි, පාසල් ගොඩනැගිල්ලක සිට මාධ්‍ය කටයුතු කරමින් සිටිද්දී එම කැමරා ශිල්පියා ඝාතනයට ලක් වූ බව පැවැසෙයි. ඔහු පලස්තීන ජාතික මාධ්‍යවේදියෙකි.
මේ වනවිට ගාසා තීරයේ පලස්තීන ජාතික අල්ජසීරා මාධ්‍යවේදීන් 13 දෙනෙකු සිය රාජකාරී කටයුතුවල නිරත වෙමින් සිටිය දී මියගොස් ඇතැයි ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd