
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහාබාස් ෂරීෆ් ප්‍රමුඛ රජයෙන් ඉහළ පිළිගැනීමක් හිමිවිය.
ඉරානයත් පාකිස්තානයත් අසල්වැසි රටවල්ය. පසුගිය කාලයේ දෙරට හමුදාව එකිනෙකාට මිසයිල ප්‍රහාර එල්ල කර ගත්තේය. ඒ, දේශසීමා ආශ්‍රිතව ක්‍රියාත්මක බෙදුම්වාදී සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි.
මෙම මිසයිල හුවමාරුව හේතුවෙන් ඉරානයත් පාකිස්තානයත් අතර හොඳහිත පළුදු වූ නමුත් සාකච්ඡා මාර්ගයෙන් එම අර්බුදය විසඳා ගැනීම සිදුවිය.ඉරාන ජනාධිපති රයිසි, නියෝජිතයන් ද පිරිවරා ගනිමින් පාකිස්තානයට පැමිණියේ, ඉරාන පාකිස්තාන මිතුදම් තවත් ශක්තිමත් කිරීමේ අරමුණින්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොවම සාමකාමී වේවා...! මන්ද, යුද්ධයෙන් මිය යන්නේ කුමන රටක වුවද මිනිසුන් වන බැවිනි.