
උතුරුදිග ඉරාකයේ, නිනෙවේ පළාතේ, මංගල උත්සවයක් අතරතුරේ මංගල උත්සව ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් මියගිය ගණන 113 ක් බවත් 150 දෙනකු තුවාල ලැබූ බවත් ඉරාක මාධ්‍ය වාර්තා කරයි.
ගින්න වේගයෙන් පැතිර ගිය අතර, ගින්නට හසුවූයේ ශාලාව තුළ සිරවුණු පිරිස් යැයි මාධ්‍ය පවසයි. ගින්න හටගත්තේ ඉරාකයේ වේලාවෙන් රාත්‍රී 10.45 ට පමණය. එම අවස්ථාවේ, මංගල උත්සවයට පැමිණි පිරිස් කා බී විනෝද වෙමින් සිටි බව පැවැසෙයි.
තුවාලකරුවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මංගල උත්සව ශාලාවේ සිදුවුණු ඛේදවාචකය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී ඉරාක අභ්‍යන්තර කටයුතු සහ සෞඛ්‍ය සේවා අමත්‍යාංශ බලධාරීන්ට දැනුම් දී ඇත.
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2131
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරාකයේ මංගල උත්සවයක ගින්නෙන් 113 ක් මරුට