
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දින පහක් මුළුල්ලේ ඩීසල් බලාපොරොත්තුවෙන් ගෝනදූව ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට රැදී සිටින රියදුරන් මීට සුළු මොහොතකට පෙර, ගෝනදූව ඉන්ධන පිරවුම් හල ඉදිරිපිටින් බැරල් සහ කෑන් දමා කළුතර බණ්ඩාරගම මාර්ගය මුළුමනින්ම වසා දැමීමට කටයුතු කළේය.
මොරොන්තුඩුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ස්ථානයට පැමිණ මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් රියදුරන් සමග සාකච්ඡා කළ නමුත් මාර්ගය විවෘත කිරීමට රියදුරන් එකඟ නොවීය .
මේ හේතුවෙන් ගෝනදූව දෙස සිට කළුතර දෙසට සහ බණ්ඩාරගම දෙසට දිගු වාහන පෝලිමක් දැකගත හැකිය.
(ඡායාරූප: සුමිත් පොතුපිටිය)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ දුන්නා නම් දැන් විඳවපන් බළලෝ කිව්වලු...
පොලිසියේ මහත්වරුනි, මිනිස්සු මෙහෙම කරන්නේ ජීවත්වෙන්න ඉතින් ආණ්ඩුව එයට ප්‍රතිකර්ම යොදන්නේ නැත්නම් මිනිසුන්ට ගහලා බැනලා වැඩ කිරීමෙන් ප්‍රශ්නය තවත් දුරයනවා. ඒ නිසා මේ ප්‍රශ්නය දේශපාලන අධිකාරියට පෙන්වාදීලා විසඳුමක් සොයන්න අතීතයේ ඉහළම නිලධාරින් කළේ එහෙමයි. පොලිස්පතිතුමෝ, ඇමැතිවරයා හරහා අගමැති, ජනාධිපති දැනුවත් කර ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන්න..
මිරිහාන පාර වහන්න ජනතාවට හයිහත්තියක් නැහැ...
ගහලා පන්නන්න ඕනෑ. ජනාධිපතිතුමාට වැඩ කරන්න දෙන්නේ නැහැ...
අනේ මේ රටට කරපු විනාශයක්... හෙන 7 ම වදිනවා.
ආණ්ඩුව අසමත්... ඉක්මණින්ම ඉල්ලා අස්වී මැතිවරණයක් පවත්වා රට කළහැකි අයෙකුට රට බාරදීමට අවස්ථාව පැමිණ ඇත....