
(ශාන්ත රත්නායක)
මේ දිනවල පවතින ඉන්ධන හිඟය නිසා පැය ගණනක් තිස්සේ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට සිටින පිරිසට සිසිල් පැන් සංග්‍රහයක් ලබාදීමට මහරගම සමගි ජන බලවේගයේ තරුණ පිරිසක් අද කටයුතු කළහ.
ඒ පිළියන්දල ප්‍රදේශයේ ඉන්ධන හලක් අසල පැය ගණනක් තිස්සේ රැඳීසිටි පිරිසකටය. පැය ගණනක් පොලිමේ සිටි රියැදුරන්ට මෙය මහත් අස්වැසිල්ලක් වූ බව එහි සිටි රියැදුරෝ පවසති.
දැන් සැපදැයි අසමින් තවත් පිරිසක් අපහසුතාවයට පත්කරනවාට වඩා මෙම ක්‍රියාව උතුම් යැයි එහි සිටි බොහෝ දෙනෙක් පැවැසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පතුන්ගෙ දුක තේරෙන පිරිසක් කියන්න පුළුවන් .
හැමෝටම බැණ බැණ ඉන්නවට වඩා හොඳ සද්ගුණවත් ක්‍රියාවක්...