(බී. ජී. චතුරංග)
අනුරාධපුර නුවර වැවේ සංචාරයක් නිමාකර යළි වෑකන්ද මතින් පිටව යෑමට පැමිණි මැති ඇමැති පිරිසක් වෑකන්ද තුළ දමා එහි ගේට්ටු වසා ඉබි යතුරු දමා වසා දැමීම නිසා එම පිරිස දැඩි අපහසුතාවයට පත්වූහ.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා ඇතුළු කණ්ඩායමක් එම සංචාරයට එක්ව තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණෙන් රජය විසින් ගෙන යන දැනුවත් කිරීම සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස නුවර වැවේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.
එහිදී නුවර වැව් බැම්ම හරහා යාමට ඇති මාර්ගය දෙපැත්තෙන් ගේට්ටු දෙකක් දමා වසා ඇති ආකාරය එම පිරිස නිරීක්ෂණය කළහ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැව් බැම්මේ එක් ගේට්ටුවක් විවෘත කිරීමෙන් අනතුරුව සංචාරක නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිස වැවේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ අතර නැවත පිටතට යාමට සූදානම් වූ අවස්ථාවේදී එම ගේට්ටු යළි ඉබි යතුරු දමා වසා දැමීම හේතුවෙන් එම පිරිස දැඩි අපහසුතාවයට ලක් වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇමැති පිරිස වෑකන්ද දමා වාරිමාර්ගය ඉබි යතුරු දමලා
Perera Sunday, 06 July 2025 02:46 PM
මාලිමාවට ආණ්ඩු බලය හිමිව තිබුණත් රාජ්‍ය බලය තවමත් සම්පූර්ණයෙන් හිමිවී නැහැ... පාර රාජ්‍යෙය් අය තවමත් සිටින බව මෙය එක නිදසුනක්..
යෝගා Sunday, 06 July 2025 04:37 PM
සුන්බුන් ඇමතිලා මොකක් හරි බුලක් කෙලින්න ඇති. නැතුව ඔය වගේ දේවල් වෙන්න විදියක් නෑ.
දුංහිඳ Sunday, 06 July 2025 04:39 PM
රාජකාරි මාරුවීම සහ සන්නිවේදනයේ යම් දුර්වලතාවක් නිසා සිදුවීමක් වගෙයි. හිතාමතාම මෙවැන්නක් කළා යැයි සිතීම අපහසුයි.