IMG-LOGO

ආණ්ඩුව කොළඹ බලය ඇල්ලූ කතාව බොරු

(සුජිත් හේවාජුලිගේ)

මාලිමාව කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලූ බව සඳහන් කරමින් ආණ්ඩුව  ඔවුන්ට හිතවත් සමාජ මාධ්‍ය යොදාගෙන බොරු මාධ්‍ය ෂෝ එකක් කරන බව  සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

විපක්ෂය බියට පත් කිරීමේ අරමුණින් කරන මෙම මාධ්‍ය ෂෝ එකෙන් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුව  බියට පත්වී ඇති තරම බවද හෙතෙම සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාවේ නම් පවා ගැසට් කර නොමැති අවස්ථාවක ආණ්ඩුව  බලය පිහිටුවා ඇතැයි පවසන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන රහුමාන් මහතා එහි බලය කාටදැයි තීරණය කෙරෙන්නේ පළාත් පාලන කොමසාරිස්වරයා  ලබන  2 වැනිදා පවත්වන ඡන්ද විමසීමේදී  බවද ප්‍රකාශ කළේය.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජනාධිපතිවරයා මැදිහත්වීමෙන් පෙන්නුම් කෙරෙන්නේද ඔවුන් බියට පත් වී ඇති තරම බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ බලය පිහිටුවීමේදී ස්වාධීන කණ්ඩායමේ කිහිපදෙනෙකුද විපක්ෂය සමග සිටින බව ඔහු අවධාරණය කළේය.



අදහස් (1)

ආණ්ඩුව කොළඹ බලය ඇල්ලූ කතාව බොරු

සෙනෙවිරත්න Saturday, 24 May 2025 06:28 PM

ඔහෙලා කරන්නෙත් ඒකමනේ. අඩුමගානේ රජයට තව සභිකයින් කීප දෙනයි අවශ්‍ය, තමුන්ලාට කොපමණ එකතු කරගන්න ඕනෑද, අඩුම ගානේ නගරාධිපතිවරයාවත් නම්කර ගන්න බැරිව ඔහෙලා තමයි කයිවාරු ගහන්නේ...!

:       45       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 78 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 251 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site