IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අ‘පුර ළමා වාට්ටුව වැසුවාට වෙද සිසුවෝ විරෝධයක

(බී.ජී.චතුරංග ,තලාව උපුල් හේරත්සහ දයාරත්න ඇඹෝගම) 

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු නොමැති බව කියමින්  අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ  පිහිටි ළමා රෝග වාට්ටුව (63) හදිසියේ වසා දැමීම හේතුවෙන් දහසකට ආසන්න වෛද්‍ය පීඨ සිසු සිසුවියන් හට සායනික පුහුණුව ලබා ගැනීමට නොහැකි වන බවත්, එම නිසා වසා දැමුණු එම වාට්ටුව වහා විවෘත කරන ලෙසට රජයට බල කරමින් අද (3) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදී වෛද්‍ය පීඨ සිසුහු උද්ඝෝෂණයක නිරත වූහ. 

අවසන් වසරේ සිසුන් 180 දෙනෙකු  අවසන් පුහුණුව ලබමින් සිටින අතරවාරයේදී මෙම වාට්ටුව වසා දැමුණු බවත්,  මෙම ළමා රෝග වාට්ටුව වැසී ගිය හොත් ඉදිරියේදී අනෙකුත් සිසුන්ටද පුහුණුව ලබා ගැනීමට නොහැකිව ඉදිරියේදී විශාල ගැටළුවක් ඇති විය හැකි බව උද්ඝෝෂණයේ නිරත වෛද්‍ය සිසුහු මෙහිදී පැවැසූහ.

මෙහිදී අදහස් දැක්වූ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ  ලේකම් කලන ධර්මරත්න, මෙසේ පැවසීය.

"රජරට වෛද්‍ය පීඨයට අනුක්ත කර තිබෙන  අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිහිටි මහාචාර්ය ඒකකයේ  ළමා රෝග වාට්ටුව සම්පූර්ණයෙන් වසා දැමීම නිසා  තමයි අපි අද මේ පාරට බැහැල තියෙන්නෙ, මේක කාලයක ඉඳලා පැන නැගුනු ගැටළුවක්, මේ මහාචාර්ය ඒකකය පිහිටුවලා තියෙන්නේ විශේෂයෙන් වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ගේ සායනික පුහුණුව සඳහායි, මේක අපේ ශිෂ්‍යයන්ට පමණක් ඇති වූ ගැටලුවක් නොවෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින සියළුම ජනතාවට වෙච්ච බරපතල  ප්‍රශ්නයක් , අපි බලධාරීන්ට  තරයේ කියා සිටිනවා මෙයට වහාම විසඳුම් ලබා දෙන්න කියලා, එසේ නොවනහොත් ඉදිරියේදී දැඩි උද්ඝෝෂණය ක්‍රියා මාර්ගයකට එලබෙනවා."

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකය ඉදිරි පිටින් දිවෙන, වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී  මෙම උද්ඝෝෂණය පැවති අතර, ඒ සඳහා වෛද්‍ය පීඨ  සිසු සිසුවියන්  700ට වැඩි පිරිසක් සහභාගි වී සිටියහ.

 



අදහස් (13)

අ‘පුර ළමා වාට්ටුව වැසුවාට වෙද සිසුවෝ විරෝධයක

ruwan Monday, 03 April 2023 01:45 PM

රටේ සල්ලිවලින් ඉගෙන ගෙන ඕකෙ වැඩකරපු නුඹලාගේ සීනියර්ස්ලා රට දාලා ගිය නිසානේ ඕක වහන්න වුණේ... හැම දේකටම ආණ්ඩුව කන්න හදන්න එපා බොලව්... නුඹලාත් කරන්නේ ඔය ටිකමයි.

:       17       28

YoshanMonday, 03 April 2023 02:31 PM

ආණ්ඩුව බලන්නේ නැත්නම් කව්ද මහත්තයෝ බලන්න ඕනේ.

:       11       16

උපාලිMonday, 03 April 2023 04:10 PM

හැම රෙද්දම රජයට පවරන්න බැහැ. පිනට ඉගෙනගත්ත එවුන්ටත් වගකීමක් තියෙනවා ණය ගෙවන්න. අනික ඉගෙන ගන්න එවුනුත් දැනගන්න ඕනෑ තමන්ගේ කාරිය ඉගෙන ගැනීම මිස ජෙප්පන්ට කඩේයන එක නොවන බව. ජෙප්පන් ඉඩදුන්නා නම් පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් වෛද්‍යවරුන් බිහිවෙනවා...

:       13       20

PereraTuesday, 04 April 2023 12:20 AM

සීනියර්ස්ල රට දාල ගියේ ආන්ඩුව දරාගන්න බැරි තරමට බදු ගහපු නිසා බව අමතකද?

:       0       5

SL Monday, 03 April 2023 02:38 PM

ඔබලාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මාෆියාවෙන් විමසල බලන්න . වෛද්‍යවරුන්ට VOG/ ළමා රෝග විශේෂඥ විභාගය කිරීමට ඉඩ නොදෙන්නේ ඔවුන්. නිසා මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව සීමිතයි. මේ අවුලට ඔබේ බඩගෝස්තරවාදී ජ්‍යෙෂ්ඨයන් වගකිව යුතුයි. රජය නොවේ.

:       13       19

Jayasekara Monday, 03 April 2023 03:48 PM

නුඹලාත් පිනට ඉගෙන ගෙන... මෙහෙ වැඩ කරලා අත්දැකීම් අරගෙන. අන්තිමට කරන්නෙත් ඔය ටිකම තමයි.

:       10       17

Punchi Nilame Monday, 03 April 2023 07:26 PM

හොඳ වැඩේ. පිංගුත්තර කැම්පස් වල ඉන්න JVP කාරයෝ කියන විදියට ද ඉන්න ඕනේ එතකොට!

:       5       1

Kasun Tuesday, 04 April 2023 05:14 AM

ඇයි මේ හැමෝම පිනට ඉගනගන්නවා කියන්නේ... එතකොට මේ ලමයින්ගේ අම්මල තාත්තලා බදු ගෙවල නැද්ද. දන්නෙ නැති නිසා අහන්නේ..

:       1       7

jayasekaraTuesday, 04 April 2023 12:09 PM

පිනට ඉගෙන ගන්නවා කියන්නේ .ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල වගේ උපාධිය ගන්න සල්ලි ගෙවන්නේ නෑ කියන එකයි .අනික මේ අම්මලා තාත්තලාගේ බදු සල්ලි වලින් විතරක් නෙමෙයිනේ ඉගෙන ගන්නේ .ඒගොල්ලෝ විතරක් ගෙවනවානම් එක්කෙනෙක්ට ලක්ෂ ගානක් ගෙවන්න වෙයි

:       4       0

kasun Tuesday, 04 April 2023 05:33 AM

තමන්ගෙ වාසියටටම එලියට එන හොර ගෙඩියො ටිකක් . රටේ අනෙක් සියලුම උපාදි පෞද්ගලික වි.වි වලින් දෙනකොට කටවල් වහගෙන ඉඳලා වෙද උපාදිය දෙනකොට විතරක් නිදහස් අධ්‍යාපමය නැති වෙනව කියල අමුතු මෝඩ තර්ක ගෙනත් රටම කැළඹුවා . අනෙකුත් සියලුම සිසුන්ගෙන් වෙන් වෙල වෙනම ගැට්ටක් හදාගෙන තමන්ට ප්‍රශ්නයකදි එලියට එන තක්කඩි. පුද්ගලික වි වි තිබ්බනම් රටෙ ඩොලර් කෝටි ගානක් ඉතුරු කර ගන්න පුලුවන්. මෙ යක්කු එකට ඉඩ දෙන්නෙ නෑ. තමන්ගෙ බඩට වදින නිසා. තමන්ගෙ පුද්ගලික සේවයට වදින නිසා. ඔච්චර රටට අදරේනම් ඇයි පුද්ගලික රෝහල් නියාමනයට විරුද්ධ? පුදුම තර්ක තිය්න්නෙ මෙයලගෙ. පුද්ගලික වි වි හොඳ නැ. හැබයි පුද්ගලික රෝහල් හොදයි. නමුත් පුද්ගලික රෝහල් නියමනය කරන්න බැ. බදු වලින් පනින්න බැරි නිසා. වෙන ආයතන වල අතිකාල හොරට දානව කිය කියල මෙයල තනිකරම අතිකාල හොරට ගන්නේ ගෙවල් වල ඉදල. දත් දොස්තරල කොහොමද මාසෙට අතිකාල පැය 120 ක් ගන්නෙ. උදේ 8 හවස 2, සති අන්තෙ නිවඩු ඉඳල. වෙන එකෙක් ගත්තනම් බලන්න තිබ්බා මෙයලාගේ සද්දෙයි. දුක් ගැනවිල්ලයි.

:       5       6

pakeer Tuesday, 04 April 2023 11:58 AM

සෑම ප්‍රශ්නයකටම රජය වග කිව යුතුයි .ඒකට තමයි රජයක් තියෙන්නේ .මිනිස්සුන්ව පාලනය කරගෙන ක්‍රම වේදයකට රට ගෙනියන්න .රජයේ නිලධාරියෝ පිස්සු කෙලියාම ..රට වැසියා පිස්සු කෙලිනවා

:       0       3

fairoos Tuesday, 04 April 2023 12:03 PM

විරෝධතාවයට විරුද්ධව අදහස් දාන අයනම් රනිල් වගේ ළමයි නැති කාලකන්නි දේශපාලකයන්ට කඩේ යන අය විතරයි

:       1       3

රංජිත් Tuesday, 04 April 2023 05:24 PM

වෛද්‍යවරු රට හැර යන්නේ අනීතික, අසාධාරණ බදු ප්‍රතිපත්තිය හින්දා... වෛද්‍යවරු පිනට ඉගෙන ගත්තේ නෑ... ඔය කෑ ගහන්නේ පිනට ඉගෙන ගන්නවත් පින නැති කාලකන්නි... යුරෝපයේ සාමාන්‍ය වෛද්‍යවරයෙක්ට අවුරුද්දට ඩොලර් 180000ක් විතර ලැබෙනවා. දවසට ලෙඩ්ඩු 10ක් විතර බලලා... මෙහෙ ලෙඩ්ඩු දවසට අවම 60ක් විතර බලලත් අවුරුද්දකට ඩොලර් 6000ක් විතර හම්බවෙන්නේ... මේ බදු සාධාරණ විදියට ගහනවා නම් මේ රටේ වෛද්‍යවරු රැඳෙනවා. වෙන උපාධි හරි, නියාමනයක් හරි නැතුව ලැබුණාට වෛද්‍ය උපාධිය එහෙම දීලා හරියන්නේ නෑ. අනීතික අසාධාරණ වෙන රටේ පෞද්ගලික වෛද්‍ය උපාධිය විතරක් නීතිගතව වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 48 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 242 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 808 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 696 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 603 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 304 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site